
(විමුක්ති එස් රුද්‍රිගු)
ජපානයේ අධිවේගී බුලට් දුම්රියක් තුළ රෙස්ලින්ග් තරඟයක් පවත්වා ඇත. එම දුම්රිය ටෝකියෝ සිට නගෝයා දක්වා ධාවනය වන අතරතුර මෙම තරඟය පැවැත්වීම විශේෂත්වයකි.
මෙම තරඟය නැරඹීම සඳහා නිකුත් කළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වී තිබේ.මිනෝරු සුසුකි සහ සන්ශිරෝ ටකාගි යන රෙස්ලින්ග් ක්‍රීඩකයන් අතර මෙම තරඟය පවත්වා ඇත.විනාඩි 30 ක් පුරා පැවති රෙස්ලින්ග් තරඟය නැරඹීම සඳහා 75 දෙනෙකු පමණ සහභාගී වී තිබේ.ධාවනය වන බුලට් දුම්රියක් තුළ රෙස්ලින්ග් ක්‍රීඩකයන් දෙදෙනා ඔවුන්ගේ හැකියාවන් මනාව ප්‍රදර්ශනය කළ බව තරඟය නැරඹු ප්‍රේක්ෂකයන් ප්‍රකාශ කර ඇත.
තරඟයේ වීඩියෝව සමාජ මාධ්‍ය වෙත උඩුගත කර ඇති අතර එම වීඩියෝවට විශාල ප්‍රතිචාර සංඛ්‍යාවක් මේ වන විට ලැබී තිබේ.බුලට් දුම්රියක් පැයට කිලෝ මීටර 300 ක පමණ වේගයකින් ධාවනය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අපෙ රටෙ දුම්රියට මොකද වෙලා තියෙන්නෙ, කොළඹට යන කොට ටෙස්ට් මච් 1 ක් උනත් ගහන්න පුලුවන්නෙ.
කොහොම උනත් අපේ දුම්රිය මගින් දාන රෙස්ලින් ව්ලාට වෙන රටවල උන්දලෑට කොහොමටත් කිට්ටු කරන්න බැහැ