(අංජුල මහික වීරරත්න)
මෙවර මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා හෙක්ටෙයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ගොවි ගිණුම් වලට බැර කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.
එම මුදලින් ගොවින්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකි බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
බණ්ඩි පොහොර හා යුරියා පොහොර දැනටමත් අවශ්‍ය ප්‍රමාණයට රජය සතුව තිබෙන අතර මුලික පොහොර හෙවත් මඩ පොහොර පෞද්ගලික අංශය විසින් සැපයීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම මෙවර ද යුරියා පොහොර මිටියක් රුපියල් රුපියල් 9000කට රාජ්‍ය අංශයේ පොහොර සමාගම් මගින් ලබා දෙන අතර එම මිලටම යුරියා පොහොර ලබා දීමට පෞද්ගලික අංශය ද එකඟත්වය පළ කර ඇතැයි ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගෙන් හැමදාම බොරු පොරොන්දු විතරයි වැඩ නැහැ
පොහොර ජනතාවගේ බදූ සල්ලි වලින් වී ටික මෝල් කාරයාට. රජයට වී විකුණු රිසිට් පත් නැති අයට පොහොර සඳහා 15000 දෙන්න එපා.