ජල ගාස්තුවටත් සූත්‍රයක් එයි ජල ගාස්තු සූත්‍රයක් සහ ජල ගාස්තු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බවත් ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට බලාපොරොතත්ු වන බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර මහතා පවසයි. 04 August 2023
කොටස් වෙළෙඳපොළ විදේශ මිලදීගැනීම් පැහැදිළි වර්ධනයක් කොළඹ කොටස් වෙළෙඳපොළ විදේශීය මිලදී ගැනීම් රුපියක් බිලියනය හෙවත් රුපියල් කෝටි 100 ඉක්මවා වාර්තා වීම කැපී පෙණෙන බව කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති. 04 August 2023
තර්ජනය කර ලක්ෂ 10 ක කප්පම් ඉල්ලු කාන්තාවට වැඩ වරදී තමන් සමග තිබෙන අනියම් සම්බන්ධතාවය ගුරැවරියක වූ බිරිදට පවසන බවට තර්ජනය කර රැපියල් ලක්ෂ දහයක කප්පම් මුදලක් ඉල්ලා එහි අවසන් මුදල් කොටස ලබා ගැනීමට ගිය කාන්තාවක සහ ඇයගේ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයකු අද (04) දින ගොඩගම ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි 04 August 2023
‘‘විදුලිය නැති වුණාට කමක් නෑ වගාව බේරා ගමු‘‘ පැය දෙකක් හෝ තුනක් හම්බන්තොටට විදුලිය කපා, ජලය නැතිව විනාශයට ලක්වන කුඹුරු වගාව බේරා ගැනීමට සමනල වැවේ ජලාශයෙන් ඉක්මනින් ජලය ලබා දීමට වහා පියවර ගන්නැයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ගොවි සංවිධාන ඒකාබද්ධව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වීමේදී ඉල්ලීමක් කළ බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී සුමනසේකර මහතා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී කීය. 04 August 2023
කප්පම් නොදුන්නාට ඌරු මස් ව්‍යාපාරික නිවෙසට වෙඩි ඌරු මස් සැපයීමේ නිරත ධනවත් ව්‍යාපාරිකයකුගේ කඳාන ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසට අද 7.00ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි කඳාන පොලිසිය පවසයි. 04 August 2023
තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් වෙයි ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 04 August 2023
’’ගෑස් මිල වැඩි කරන්නෑ’’ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියද ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නොදමන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පැවසීය. 04 August 2023
‘යාල් නිලා’ අද ගල්කිස්සෙන් කන්කසන්තුරේට ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය පළමු වරට අද(4) රාත්‍රි 10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරනබව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. 04 August 2023
වන අලි පහරින් එක්දරු මව මරුට ගෝනගංආර , 15 කණුව ප්‍ර දේශයේ කුඹුරක ගොයම් කපමින් සිටි කාන්තාවක් වනඅලි ප්‍රහාරයකින් මියගෙස් ඇතැයි ගෝනගං ආර පොලිසිය පවසයි . 04 August 2023
පෑවිල්ල වික්ටෝරියාවටත් දැනෙයි මධ්‍යම කදුකරය පුරා පවතින වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශය පතුලටම සිඳී තිබේ. 04 August 2023
අද වැස්ස නෑ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 August 2023
පවුලක්ම එකතුවෙලා හමුදා සෙබළාට පහරදීලා යුදහමුදා සෙබළකු තියුණු ආයුදයකින් පහරදි තුවාල සිදු කළේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු ඔහුගේ බිරිඳ සහ පුතා අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි. 04 August 2023
හිටපු පළාත් මන්ත්‍රී පා ගමනින් යද්දී වැටී මරුට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන ඒ.ජේ.එම් ෆායිස් මහතා කොම්පඤ්ඤ වීදිය උද්‍යාන මාවතේ පා ගමනින්ගමන් කරමින් සිටි අතරවාරයේ හදිසියේ රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇතැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි. 04 August 2023
තඹුත්තේගම අනතුරකින් හතරක් මරුට:හතරක් රෝහලට අනුරාධපුර - පාදණෙිය මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් සිව් දෙනකු මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි තඹුත්තේගෙම පොලිසිය කියයි. 04 August 2023
අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අලුත් නායකයෙක් අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටෙට් ත්‍රස්ත සංවිධානය ඔවුන්ගේ නව නායකයා ලෙස අබු හෆාස් අල් හෂීමි අල් කුරේෂි තෝරාගෙන ඇතැයි වාර්තා වේ. මේ බව නිවේදනය කළේ ද අයි.එස්. ත්‍රස්ත සංවිධානයයි. 04 August 2023
ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවට ඇමෙරිකාවේ හිටපු ජනාපධිති ඩොනල්ඩ් ට්‍රම්ප්, වොෂින්ටන් අගනුවර අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටියේය. 04 August 2023
ප්‍රපාතයට ගිය රට කෝවිඩ් සහ පොහොර ප්‍රශ්නයෙන් වැනසුනා විවිධ හේතු මත පුපුරන්න ඔන්න මෙන්නව පැවති රටේ ආර්ථිකය කොව්ඩ් සහ පොහොර ප්රශ්නය හේතුවෙන් සම්පූර්ණයෙන්ම පුපුරා ගිය බව දිවයිනේ විද්‍යාල රැසක ආර්ථික අධ්‍යයන අංශවල ආචාර්ය මහාචාර්යවරු රැසක් රටේ ආර්ථික බංකොළොත්භාවය පිළිබඳව කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙන්වා දුන්හ. 03 August 2023
අස්වැසුම නැති පවුල් හාරලක්ෂයකට සමෘද්ධිය කඩුවෙල වැලිවිට අටේ කණුව වැව පාර ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී හමු වූ නිරැවත් පුද්ගල මල සිරැර සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනෙකු අද (03) සවස කඩුවෙල මහේස්ත්‍රාත් නිල නිවස වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48 කාළයක් රදවා ගෙන වැඩි දුරටත් ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අවසර ලබා දුන්නාය. 03 August 2023
හුළු අත්ත අරන් ප්‍රංශ ජාතිකයෝ මිහින්තලා වදිති මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කර ඇති බව නොදැන ඊයේ (3දා) රාත්‍රී මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණි ප්‍රංශ ජාතිකයන් ඇතුළු විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසක්, ’’හුළු අතු’’ පත්තු කර ගනිමින් මිහින්තලා කන්ද තරණය කරන අයුරු. 03 August 2023
උඩවලව අඩියටම හිඳෙයි වසර විස්සකට පසුව වලව කලාපයට ඇතිවු දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා වැසි නොලැබුණොත් උඩවලවේ ජලාශයෙන් තවදුරත් ජලය නිකුත් කිරිමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව උඩවලව සහ උමාඔය භාර නියෝජ්‍ය අධ්යක්ෂ, උඩවලව ජාලශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර මහතා අද (3) සවස පැවසීය. 03 August 2023
කෝටියක කුඩුත් එක්ක ‘පොඩි මත්තා‘ දැලේ දර්ගා නගරය,නුග ගහලන්ද ප්‍රදේශයෙදී පොඩි මත්තා, යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරවකු (20) රුපියල් කෝටියක හෙරොයින් ග්‍රෑම් පන්සියයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී නුග ගහලන්ද ප්‍රදේශයේ දී අද (3) කළුතර කොට්ඨාස දූෂණ මර්දන මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව කියයි. 03 August 2023
ගෑස්වලට හෙට මොනවා වෙයිද? ලිට්රෝ ගෑස් මිල සූත්‍රයට අනුව හෙට (4) මාධ්‍යම රාත්‍රීයේ සිට ගෑස් මිල ඉහළ යනු ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 03 August 2023
ඒකීය රටක බලය බෙදන්න එකඟයි ඒකීය රටක බලය බෙදීමට එකඟ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 03 August 2023
පොලිසියට පාට් දමා වෛද්‍යවරයාට, වෛද්‍ය සිසුන්ට පනින්න බැරිවේ උණවටුන වැල්ල දේවාල උත්සව භුමියේදී වෙළඳසලක සේවකයකුට පහරදි සංචාරක පොලිසියේ නිලධාරින්ට සාපරාධි බලහත්කාරය පෑම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වෙද්යවරයකු සහ වෛද්‍ය පිඨයේ සිසුවකු ද සිසුවියන් තිදෙනකුද එක් අයකු රුපියල් ලක්ෂය බැගින්වු ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය. 03 August 2023
‘දීඝවාපියට ගඩොලක්’ වැඩසටහන ඇරඹෙයි දීඝවාපි මහා සැරදුන් පෙර තිබු ශ්‍රී විභූතියෙන් දැකගැනීමේ අරමුණින් ප්‍රතිසංස්කරණය සඳහා අරමුදල් රැස්කිීමට ‘දීඝවාපියට ගඩොලක්’ යන තේමාව යටතේ විශේෂ වැඩසටහනක් දීඝවාපි පුදබිමෙදී පසුගියදා පැවැත්විණි. 03 August 2023
තෝණිකල් සිද්ධිය ප්‍රධාන සැකකරු මාට්ටු වවුනියාවල තෝණිකල් ප්‍රදේශයේ නිවෙසක උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබියදී තියුණු ආයුද රැගත් පිරිසකගේ පහරදී එම නිවෙසට ගිනි තබා අඹුසැමි යුවළක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා ප්‍රශ්න කිරීමට වවුනියාව මහේස්ත්‍රාත් අහමඩ් රහිම් මහතා පොලිසියට අවසර ලබා දුන්නේය. 03 August 2023
මන්ත්‍රී ගිනි අවිය සුද්ද කරද්දී පත්තු වී සිවිල් සෙබළා රෝහලට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතාගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනියුක්ත ව රාජකාරි කරන පොලිස් පොලිස් සැරයන්වරයකු මන්ත්‍රීවරයාට අයත් පිස්තෝලය පිරිසිදු කරන අතරතුර එය ක්‍රියාත්මක වීමෙන් සිවිල් ආරක්ෂක සෙබළකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කර ඇතැයි කන්තලේ මූලස්ථාන පොලිසිය පවසයි. 03 August 2023
ජල මිල ඉහළ නැංවීමට එරෙහිව සජිත්ගෙන් රජයට චෝදනා අමාරුවේ වැටුණ රට ගොඩගන්නවා කියා ආණ්ඩුව ජල ගාස්තුව පවා වැඩි කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 03 August 2023
රන් මිල පල්ලම් බසී දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (3) දිනයේ තරමක් පහත බැස ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 03 August 2023
ඉරානයේ ඉන්ධනවලට ඩොලර් මිලියන 500ක තේ ශ්‍රී ලංකාව ඉරානයෙන් ගන්නා ඉන්ධන වෙනුවට ඩොලර් මිලියන 500 ක තේ අපනයනය කිරීමට සැළසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 03 August 2023
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026