(ප්‍රියාණි මංගලිකා )
නිකවැරටිය ,හුලුගල්ල , ජලාශයේ ,ධීවර කටයුතු සඳහා දියඹට ගිය ධීවරයෙකුගේ (50) සිරුර සහ ඔරුව දියඹේ පාවෙමින් තිබියදී සොයා ගත් බව නිකවැරටිය පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් සිටියේ ,හුලුගල්ල නිකවැරටිය ලිපිනයේ පදිංචි ඩබ්.එම්.කරුණාරත්න නැමති දෙදරු පියෙකි.
මොහු පෙර දින රාත්‍රියේ ධීවර කටයුතු සඳහා තනිව ඔරුවේ නැගී ජලාශයේ දියඹට ගොස් ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
උදෑසන ධීවර කටයුතු සඳහා මරුවක නැගී දියඹට ගිය වෙනත් ධීවරයන් පිරිසක් මෙම ධීවරයා මියගොස් සිටි අයුරු දැක ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව පතමු. මෙවන් අකල් මරණයකට නිවන් දක්නා තුරු ගොදුරු නොවේවා...! දරුවන් දෙදෙනාටත් එම මැතිනියටත් අපගේ බලවත් සෝකය...!
ධීවරයින් බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි ජීවිතාරක්ෂක කබා නොපැළඳවීම. කරදිය සහ මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරයට සම්බන්ධ සංගම් සහ ධීවර අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඔවුන්ව දැනුවත් කිරීමෙන් පසු සහන මුදලකට හෝ වාරික කිහිපයකින් ගෙවීමට හැකිවන පරිදි ධීවරයින්ට ජිවිතාරක්ෂක කබා නිකුත් කළා නම් මෙවැනි අකල් මරණ බොහෝ ගණනක් වළකාගත හැකිවේවි. හදිසි අවස්ථාවක බෝට්ටු අනතුරක් වුණත් බේරාගන්නකන් වතුරේ පාවෙලා හරි ඉන්න පුළුවන්නේ. බෝට්ටුව සහ මසුන් නැති වුණත් ජීවිත හරි බේරෙනවනේ...!