IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කරනවා

(අංජුල මහික වීරරත්න)

විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම (CTBT) අනුමත කරන අතර, න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව  විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා නිව්යෝර්ක් හිදී  පැවසීය.

විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ( CTBT )පිළිබඳ යුරෝපා සංගමයේ 14 වන වගන්තියේ සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සඳහන් කළේ  පසුගිය ජූලි මාසයේ දී විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ශ්‍රී ලංකාව නිල වශයෙන් අනුමත කළ බවත් එය න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම පිළිබඳ රටේ දීර්ඝකාලීන සහ ස්ථාවර ප්‍රතිපත්තිය සමඟ අනුකූල වන බවත්ය. 

1996 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුමට   ( CTBT)   අත්සන් තැබීමත් සමඟ, ඊට අත්සන් තැබූ  පළමු රටවල් අතර 13 වන ස්ථානයට මෙරට පත් වූ බවත්, එය කැපී පෙනෙන කරුණක් බවත් සඳහන් කළ අලි සබ්‍රි මහතා  මහනුවර පල්ලේකැලේ  සහායක භූ කම්පන මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කළ බව පැවසීය.

සම්මුතිය බලාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ (CTBTO)  විධායක අධ්‍යක්ෂ ෆ්ලොයිඩ් මහතා ඇතුළු කණ්ඩායම සිදුකරන කැපවීම ද මෙහිදී  විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ඇගයීමට ලක් විය.

 



අදහස් (7)

න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කරනවා

Indika Friday, 22 September 2023 10:08 AM

රතිඤ්ඤාවක් ගන්න සල්ලි නෑ. න්‍යෂ්ටික ආයුධ තහනම් කරලා හිත හදාගමු.

:       0       13

yaka Friday, 22 September 2023 10:48 AM

යකෝ කන්න බොන්නත් සල්ලි නැතුව ඉද්දි න්‍යෂ්ටික පරීක්ෂණ කරන්නේ අහවල් ලබ්බෙන්ද ?

:       0       13

Prabha Friday, 22 September 2023 11:48 AM

බඩත් කොර උනා හිනා ගිහිල්ලා

:       0       9

Nimal Friday, 22 September 2023 12:46 PM

වෙසක් කූඩු, සරුංගල් වගේ ඒවත් රටින් ගේන තැනක., කොහොමද අප්පේ න්‍යෂ්ටික අවි හදන්නේ?

:       0       6

Mh Mohan Friday, 22 September 2023 01:35 PM

සබ්‍රීට, හූනෙකුට තරම් මොලයක් තියෙනවා නම් වචනයක් කතා කරන්නේ නැහැ. ඉන්දික හරි. රතිඤ්ඤයක් ගන්න සල්ලි නෑ.

:       0       5

චන්දන Friday, 22 September 2023 03:22 PM

කටින් බතල කොල හිටවනව. ගිනි කූරක් හදාගන්නෙ අමාරුවෙන්. මුන්ට අමු කැවිල.

:       0       5

de silva Friday, 22 September 2023 06:41 PM

දුම් පරීක්ෂණයක්වත් හරියට කරගන්න බැරි අපි න්‍යෂ්ටික පරීක්ෂණ ගැන කතාකරලා ඵලක් තිබෙනවාද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 275 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site