IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බාල පළිබෝධනාශක වික්කොත් බලපත් අහෝසියි

(අංජුල මහික වීරරත්න)

තත්ත්වයෙන් බාල පළිබෝධ නාශක සපයන සමාගම් වල බලපත් අහෝසි කර එම සමාගම් අසාදු ලේඛන ගත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කිසියම් සමාගමක් විසින් ගොවීන්ට සපයන පළිබෝධ නාශක තත්ත්වයෙන් බාල නම් එම සමාගම්වලට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ දිස්ත්‍රික් සභාපතිවරුන් කෘෂිකර්ම  අමාත්‍යවරයාට ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බලමින් අමාත්‍යවරයා මෙම පියවර ගත්තේය. 

ඇතැම් සමාගම් වලින් ඉහල මිලක් ගෙවා ගත් පලිබෝධ නාශක වලින් වල් මර්දනයේ දී හා කෘමි මර්දනයේ දී නිසි ප්‍රතිඵල ලබා දීමට  අපොහොසත් වූ බවත් ඒවා බාල තත්වයේ පවතින බවත්  ගොවි නියෝජිතයෝ කෘෂිකර්ම අමාත්‍යවරයාට පැවසූහ.

ගොවීන්ගේ  ඉල්ලීම් වලට පිලිතුරු දුන් අමාත්‍යවරයා කිසියම් සමාගමක් මගින් අලෙවි කරන පළිබෝධ නාශක තත්ත්වයෙන් බාල බවට හැඟී ගියහොත් වහාම කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පලිබෝධ නාශක ලේකම් කාර්යාලයට දැනුම් දෙන ලෙස පැවසීය.

 මෙම මහ කන්නයේ දී ගොවිජන සේවා මධ්‍යස්ථාන වලිනුත් පලිබෝධ නාශක බෙදාහැරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන බවද ඒ අනුව තත්ත්වයෙන් ඉහල පළිබෝධ නාශක ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් ලබා ගැනීමට ගොවීන්ට අවස්ථාව ලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (3)

බාල පළිබෝධනාශක වික්කොත් බලපත් අහෝසියි

ravin Friday, 22 September 2023 10:23 AM

ආසදු ්න ? එහෙම තියෙනවානම් තත්වයෙන් බාල ඖශඩ මෙරටට ගෙන එයිද?

:       0       0

Mohan Mapa Friday, 22 September 2023 01:32 PM

කිය කිය නම් ඉන්න එපා ප්‍රායෝගිකව කරන්න .මාසෙකට සමාගම් කීපයක් (2 ක් 3 ක් )බලපත්‍ර අහෝසි කරන්න ,එතකොට හැදෙනවා

:       0       0

චන්දන Friday, 22 September 2023 03:21 PM

දැනට කීයක් අහෝසි කරල තියෙනවද? කාව රවට්ටන්නද බොරු කයිවාරු කෙළින්නෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 275 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site