(විමුක්ති එස් රුද්‍රිගු)
තමිල්නාඩුවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය ඔක්තෝබර් මස පළමු සතියේදී ආරම්භ වීමට ඉඩ ඇතැයි තමිල්නාඩු අමාත්‍ය ඊ.වී වේලු ප්‍රකාශ කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජූලි මාසයේ සිදුකළ ඉන්දියානු සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී ප්‍රවාහන සේවයක් ආරම්භ වන බව නිවේදනය කළේය.
බෝට්ටු සේවය ආරම්භ කිරීම සඳහා ඉන්දීය නැව් සමාගම 150 කට ගමන් කර හැකි අධිවේගී මගී ප්‍රවාහන බෝට්ටුවක් ලබා දීමට නියමිතව ඇත.නාගපට්ටිනම් සහ කන්කසන්තුරෙයි අතර දුර නාවික සැතපුම් 60 ක පමණ දුරක් තිබෙන බවත් එම ගමන සඳහා පැය 3 ක 4 ක පමණ කාලයක් ගත වනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න වැඩේ ඉන්දියාවම මෙහෙ ඉදී .කුලී වැඩක් කරන ඉන්න මිනිසුන්ට වැලේ වැල් නැති වෙයි .මුන් ඇවිත් සොච්චමට වැඩ කරාම
ඉස්සරනම් ඉන්දියාවෙ මිනිස්සු ලංකාවට හොරෙන් පැන්නේ. දැන් ඒකෙ අනිත් පැත්ත.
කේජී ගේන්න හොඳ ක්‍රමයක්.