වේයන්ගොඩ පාසලක සිසුන් 27ක් රට හැර ගිහින් වේයන්ගොඩ ශාන්ත මරියා ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ සිසු දරු දැරියන් විසි 27 මාස තුනක් වැනි කෙටිකාලයකදී විදේශ රටවල අධ්‍යාපනය සඳහා පාසලෙන් අස්වී ගොස් ඇතැයි ද ඒ තත්ත්වය රටක් වශයෙන් අහිතකර තත්ත්වයක් යැයි විදුහල්පති බී.ඩී.අයි.කේ. කරුණාරත්න මහතා පවසයි. 06 August 2023
නාට්‍ය කරන්න ගිය සිසුවාට පහරදීලා නාට්‍ය පුහුණුවීම් සඳහා ගිය 17 හැවිරිදි පාසල් සිසුවකුට සිසුන් පිරිසක් පහරදී ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි. 06 August 2023
පාකිස්තානයේ මගි දුම්රියක් පීලි පනී දකුණු දිග පාකිස්තානයේ දුම්රියක් පීලි පැනීමකින් මගීහු 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මගීන් 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ. 06 August 2023
හොරට වැඩ කළ වෙදා ගැන සොයයි ශ්‍රී ලංකා සභාව මගින් වැඩ තහනම් කර තිබියදී නීති විරෝධී ලෙස රාජකාරි කළ බව කියන කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට විනය පියවර ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දැන්වා ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 06 August 2023
සිසුවාගේ බෙල්ල කපා බෑගය උදුරාගෙන යයි උපකාරක පන්තියකට දුම්රිය මාර්ගය දිගේ ගමන් කරමින් සිටි පාසල් සිසුවකුගේ ගෙල කපා තුවාල කළ නාඳුනන පුද්ගලයකු ඔහුගේ අතේ තිබූ බෑගය උදුරාගෙන පළා ගොස් ඇතැයි මීරිගම පොලිසිය කියයි 06 August 2023
මිහින්තලේ ලයිට් නාට්‍යයට රාජ්‍ය සම්මාන දෙන්න වටිනවා මිහින්තලේ විදුලි බිල නාටක පිටපත තව ටිකක් හොඳට බුද්ධිමත්ව සිතා ලිව්වා නම් රාජ්‍ය නාට්‍ය උළෙලේ දී සම්මාන පවා ලබන්නට තිබූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 06 August 2023
දකුණේ විදුලිය ගැන ජනපති කාර්යාලයට රහස්‍ය වාර්තාවක් දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණය යාන්ත්‍රණයෙන් විදුලිය දීමට නොහැකි වීමේ අර්බුදය පිටුපස ලෝක බැංකුව සමඟ සබඳතා පවත්වන කාන්තාවක සිටින බව ජනාධිපති කාර්යාලයට බාර දුන් රහස්‍ය වාර්තාවක සඳහන් වී තිබේ. 06 August 2023
තලෙයිමන්නාරම - රාමේෂ්වරන් දක්වා මගී යාත්‍රා සේවයක් යුද සමයේ අවදානය යොමු නොවීමෙන් දිරාපත් වූ තලෙයිමන්නාරම ජැටිය රුපියල් කෝටි 180 ක් වැය කර යළි ප්‍රතිසංස්කරණය කර ඉන්දියවේ රාමේෂ්වරන් සිට මගී යාත්‍රා සේවයක් ආරම්භ කිරීමට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය තීරණය කර තිබේ. 06 August 2023
හොර පාඨමාලා පැවැත්වූ ආයතන 81 ක් තහනම් මුදල් වාසිය පමණක් සලකා ගුණාත්මක නොවන පාඨමාලා පවත්වාගෙන ගිය ආයතන 811ක් අත්හිටුවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ තෘතීක කාර්මික අධ්‍යාපන ආයතනවලට අදාළ අනුකමිටුව පවසයි. 06 August 2023
වංචාව ගැන හොයද්දී හතරක් රැකියාව හැර යති ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අළෙවි අංශයේ ඉහළ තනතුරු දරණ නිලධාරීන් සිවුදෙනෙක් පසුගිය සිකුරාදා වන විට ඉල්ලා අස්වීමේ ලිපි භාරදී තිබූ බව එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 06 August 2023
පොත් බෑගයේ අධික බරට විසඳුමක් රජයේ පාසලවල අධ්‍යන වාරයක් සඳහා එක වැඩ පොතක් වාර තුනට වැඩ පොත කොටස් තුනකින් සිසුන්ට දීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 06 August 2023
කුඩා වැව් හදන්න මිලියන 3000ක් වෙන් කරයි කුඩා වැව් ප්‍රතිසංස්කරණය සඳහා රජය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 3000ක මුදලක් වෙන් කර තිබෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 06 August 2023
ව්‍යාජ රන් හදා බැංකුවලට උකස් කළ 4ක් මාට්ටු ව්‍යාජ රත්තරං නිෂ්පාදනය කර බැංකුවලට උකසට තබන කණ්ඩායමක සිව් දෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලීසය පවසයි. 06 August 2023
රන් බඩු උකස් කර සොරකම් කරලා යැයි පැමිණිලි දාලා ආරක්ෂාවට ගෙදර අල්මාරියේ දමා තිබු රන් භාණ්ඩ අල්ලපු ගෙදර කාන්තාවට දී උකස් කර , එවා සොරකම් කර ඇති බවට කළ පැමිණිල්ලක් සම්බන්දයෙන් කළුතර උතුර පොලිසියෙන් වාර්තාවේ. 06 August 2023
උණ සෑදී දින දෙකකින් දරුවා මරුට උණ රෝගී තත්වයකට ගොදුරු වීමෙන් තම එකම පුතා අද(06) අලුයම මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව , එම සිසුවාගේ පියා වන එම්.එන්.ඉස්තිකාර් මහතා පැවසීය . 06 August 2023
ජනපති රග්බි බලන්න යයි කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර 77 වන වාර්ෂික බ්‍රැඩ්බි පලිහ රග්බි තරගය නැරඹීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මහතාද සහභාගී විය. 06 August 2023
පළාත් පාලන ආයතන 341 ක මුදල් ගෙවීම ඔන්ලයින් මෙරට සියලු පළාත් පාලන ආයතන 341 කට ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමය මේ වසර අවසන් වීමට පෙර හඳුන්වා දෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. 06 August 2023
කාලතරණය කළ හැකි විස්මිත පණුවෙක් කාලතරණය කළ හැකි විස්මිත පණු විශේෂයක් සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. වසර 46,000ක් වයසැති මේ පණු විශේෂය විද්‍යාඥයන් සොයා ගත්තේ සයිබීරියාවේ හිමෙන් වැසුණු වනාන්තර ප්‍රදේශයක කළ ගවේෂණයකදීය. 06 August 2023
බන්ධනාගාර නියාමක ඝාතන තැත වරදී ගාල්ල බන්ධනාගාරයේ රාජකාරිය කරන බන්ධනාගාර නියාමකවරයෙකු ගමන්ගත් බස් රථයකට වැලිගම නගරයේ දී කඩා වැදුණු පුද්ගලයින් කණ්ඩායමක් අතර සිටි එක් පුද්ගලයෙකු ටී-56 ගිනි අවියකින් බන්ධනාගාර නියාමක වරයාට වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහය බස් රියේ සිටි පිරිසගේ විරෝධය මැදිහත්වීම මත නූලෙන් වැළකී ගිය බව වැලිගම මූලස්ථාන 06 August 2023
ඉම්රාන් හිරේ දැම්මැයි විරෝධතා පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිරගත කිරීම සම්බන්ධයෙන් ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ සාමාජිකයන්, කරච්චි, ලාහෝර් සහ ඉස්ලාමාබාද් අගනුවර විරෝධතා ආරම්භ කර තිබේ. 06 August 2023
ඉන්දීය චන්ද්‍ර යානය සඳේ කක්ෂයට පිවිසෙයි සඳ ගවේෂණයට ඉන්දියාව යැවූ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ ගවේෂණ යානය, සාර්ථකව සඳේ කක්ෂයට පිවිසියේය. 06 August 2023
යුරියා මෙට්‍රික් ටොන් 18000ක නැවක් කොළඹ වරායට යුරියා ග්‍රැනියුලා පොහොර මෙට්‍රික් ටොන් 18,000ක් සහිත නැවක් කොළඹ වරායට පැමිණ තිබේ. 06 August 2023
බස්නාහිරට පොඩි වැස්සක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 August 2023
නාමල් කුමාරට පහරදුන් පිය-පුතු අත්අඩංගුවට දූෂණ විරෝධී ප පෙරමුණේ සභාපති නාමල් කුමාර මහතාට පහර දී ඔහු සතුව තිබූ රුපියල් 60,000 ක මුදලක් සහ ජංගම දුරකථනයක් පැහැර ගත්තේ යැයි කියන පියපුතු දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි වරකාපොල පොලිසිය පවසයි. 06 August 2023
සීදුවේ වත්තක පුපුරණ ද්‍රව්‍ය තොගයක් සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි අක්කර 8 ක පමණ වත්තක සඟවා තිබූ ගුවන්යානා නාශක උණ්ඩ ,අත් බෝම්බ, පුපුරන ද්රව්යසහ අවි කොටස් තොගයක්කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් එම වත්ත සෝදිසි කර සොයාගෙන ඇත. 06 August 2023
දඹුල්ල අවුරා පිල දෙවෙනි ජය ලබයි ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ - 2023 අටවැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (5) පැවැති දිනයේ පළමු තරගයේදී දඹුල්ල අවුරා පිල ලකුණු 10 කින් කලම්බු ස්ට්‍රයිකර්ස් පිල පරාජය කිරීමට සමත් විය. 05 August 2023
යතුරු පැදි අංක තහඩු හොරෙන් හදලා යතුරුපැදිවල අංක තහඩු හොරට සකස් කිරීමේ මධ්‍යස්ථානයක් අද වැටලූ බව පානදුර දකුණ පොලිසිය පවසයි . 05 August 2023
මාල හොරා කඩා ගත් මාලය ගිලලා ගම්පහ , ඔරුතොට ප්‍රදේශයේ මහමග ගමන් ගනිමින් සිටි කාන්තාවකගේ ගෙල බැද තිබූ රන් මාලය කොල්ලකා ඇති පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරීමේදී එය ගිල දැමූ බව යක්කල පොලීසිය පවසයි. 05 August 2023
කෑම බීම මිල සීඝ්රයෙන් ඉහළට ආහාර ද්‍රව්‍යවල මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම වාර්තාවල සඳහන් වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය. 05 August 2023
ඉම්රාන් ඛාන්ට සිර දඬුවම් ඉම්රාන් ඛාන්ට විරුද්ධව ඉස්ලාමාබාද් අධිකරණයේ ගොනු කර තිබූ දූෂණ චෝදනා සම්බන්ධ නඩුවකට වරදකරු වීම හේතුවෙන් එම අධිකරණය ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය. 05 August 2023
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026