
(විමුක්ති එස් රුද්‍රිගු)
යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය හඳුන්වා දෙන කෘතිම බුද්ධියෙන් බලගැන්වුණ හඬ කැවීමේ මෙවලමේ සම නිර්මාණකරුවන් වීමට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන බුද්ධික කොට්ටහච්චි සහ සසක්ති අබේසිංහ සමත් වී ඇත.
මෙම මෙවලම යූ ටියුබ් සමාගම අලවුඩ් ලෙස නම් කර තිබේ.
මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා කුඩා කළ සිටම මිතුරන් බව යූ ටියුබ් සමාගම පවසා ඇත.
ලෝකයේ සියයට 80 කට ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමට අපහසු බවත් ඒ හේතුවෙන් යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය තුළ තිබෙන අන්තර්ගතයන්වල ප්‍රයෝජනය ලබා ගැනීමට ලෝකයේ සිටින සියයට 80 ක ජනතාවට නොහැකි වී තිබෙන බව යූ ටියුබ් සමාගම පෙන්වා දී තිබේ.
එම ගැටලුවට විසඳුමක් ලෙස අලවුඩ් කෘතිම බුද්ධි මෙවලම හඳුන්වා දෙන බව යූ ටියුබ් සමාගම පවසා ඇත.
මෙම මෙවලම මගින් පරිශීලකයන්ට ඔවුන් කැමති භාෂාවකින් වීඩියෝව නැරඹීමට හැකියාව ලැබෙන බව යූ ටියුබ් සමාගම පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ සියයට 80 කට ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමට අපහසු බවත් ඒ හේතුවෙන් යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය තුළ තිබෙන අන්තර්ගතයන්වල ප්‍රයෝජනය ලබා ගැනීමට ලෝකයේ සිටින සියයට 80 ක ජනතාවට නොහැකි වී තිබෙන බව යූ ටියුබ් සමාගම පෙන්වා දී තිබේ. එසේනම් කලයුතුවන්නේ පහසුවෙන් ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමට හැකි ක්‍රමවේදයක් සහ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ක්‍රමවේදයක් AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කිරීම වේ. "අලවුඩ්" කෘතිම බුද්ධි මෙවලම හඳුන්වා දීමෙන් ටියුබ් සමාජ මාධ්‍ය ජාලය කර තිබෙනුයේ ලෝකයේ සියයට 80 කට ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමට අපහසුවීම සහ තවදුරටත් ඉංග්‍රීසි භාෂාව නොමැතිවම ඔවුන් රඳවා ගැනීම සහ AI තාක්ෂණය මගින් මෙම මෙවලම යොදා ගනිමින් පරිශීලකයින්ට ඔවුන් කැමැති භාෂාවකින් වීඩියෝව නැරඹීමට හැකියාව ලබාදී එම 80% පිරිස ඔවුන් වෙත ළඟාකර ගැනීම සහ එමගින් ලබෙන්නා වූ අදායම ටියුබ් සමාජ මාධ්‍ය ජාලය (GOOGLE) ඉහළ යාම වේ. "එසේ වුවත් එම 80% පිරිසට වෙනස් යමක් ඔවුන්ගේ භාෂාවෙන් තේරුම් ගැනීමට අවස්ථාව සලසා දී ඇත"....
හොඳ නිර්මාණයක්... හැබැයි ඉතින්... ලංකාවේ අය ඉගෙන ගත්තු ඉංග්‍රීසි ටිකවත් ඉගෙන ගෙන ඉවරයි.
මෙවැනි තරුණයින් දිරිගන්වා රටට ප්‍රයෝජනවත් පුරවැසියන් බවට පත්කර ගැනීමට නිසි ක්‍රමවේදයක් නැතිකමින් බුද්ධි ගලනය වළකාගන්නේ කෙලෙසද?
බුද්ධි ගලනය කොහොම උනත් සල්ලි ගලනය නම් හොඳ සාර්ථකව සිදුවෙයි
ඉතා හොඳයි .....