(යොහාන් භාසුර)

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය සහ සායන ඇතුළු ඒකක රැසක් ස්ථාපිත චීන රජයෙන් ඉදිරිකළ නව මහල් ගොඩනැගිල්ලේ විවිධ උපාංග සොරකම් කළ චෝදනාවට පෞද්ගලික පිරිසිඳු කිරීමේ ආයතනයක වැඩ පරීක්‍ෂකවරයෙක් පොලිසියට භාරදුන් බව එම රෝහලේ ආරක්‍ෂක අංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මරදාන පොලිසියට භාරදුන්  පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව ද එම නිලධාරියා කීය.
අදාල පුද්ගලයා එම ගොඩනැගිල්ලේ විදුලි බුබුලු අලවන ආකාරය සී.සීටී.වී. කැමරාවල පටිගත වී තිබූ බව කී එම නිලධාරියා එම ගොඩනැගිල්ලේ විවිධ උපකරණ ගලවාගෙන යෑම පිළිබඳව කළ විමර්ශනයකදී අදාල පුද්ගලයා හදුනාගැනීමට හැකි වූ බව ද සඳහන් කළේය.
එම ගොඩනැගිල්ලේ විශාල වටිනාකමින් යුත් විවිධ උපකරණ රැසක් මේ වන විටත් ගලවාගෙන ගොස් ඇති බවත් වැසිකිළිවලට දැඩි හානිකර ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.