(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නුවරඑළිය ,මාගස්තොට විජිතපුර ප්‍රදේශයේ පදිංචිව සිටි  පුද්ගලයෙකුටපිහියකින් ඇන ඝාතනය කළේ යැයි කියන සම්බාහන  මධ්‍යස්ථානයක සේවය කරනඑම පුද්ගලයාගේ බිරිය නුවරඑළිය මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ ඝාතනය කර ඇත්තේ විජිතපුර ප්‍රදේශයේ පදිංචි බී. චන්ද්‍රසේකර නැමැති තිස්තුන් හැවිරිදි වියේ පසු වනකුලී වැඩ කර ජීවිකාව ගෙන යන අයෙකි. අත්අඩංගුවට ගත් සැකකාරිය තිස් දෙහැවිරිදි වියේ පසුවන තැනැත්තියකි.

චන්ද්‍රසේකර නැමැත්තා බීමතින්පැමිණ වෙරි මරගාතේ බිරියට පහර දුන් අවස්ථාවේඇය සැමියාට පිහියකින් ඇන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි නුවරඑළිය මුලස්ථාන  පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම පුද්ගලයාගේ පිට ප්‍රදේශයේ පිහි ඇනුමකින් සිදු වූ බවට අනුමාන කළ හැකි තුවාලයක් දක්නට ලැබෙන බව පොලිසිය කියයි.

පිහි පහර කෑ මෙම පුද්ගලයා එම ස්ථානයේම  ඇද වැටී මිය ගොස් ඇතැයි ද පොලීසිය කියයි.