(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුරුණෑගල ප්‍රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි දාහතර හැවිරිදි දරුවකු අතුරුදන් වී ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි.

අතුරුදන්ව සිටින මෙම දරුවා මාදම්පේ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෙම දරුවාගේ දරුවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන්ළමා නිවාසය පාලකයන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මෙම අතුරුදන් වූ දරුවා සොයා පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.