(ටී.කේ.ජී.කපිල )

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කියුබානු සහ ඇමෙරිකානු සංචාරය නිමා කර අද(24) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි .

ජනාධිපතිවරයා සමග පිටත්ව ගිය දූත පිරිස ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ජනාධිපතිවරයා මුලින්ම 15 දා සිට 16 දා දින දක්වා කියුබාවේ හවානා නුවර පැවති ජී.- 77 රාජ්‍ය නායක සමුළුවට සහභාගී විය .

ඉන් අනතුරුව 19 දා සිට 21 දින දක්වා ඇමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී තිබුණි .