IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


‘‘කතා කිරීමේ නිදහස බිලි නොදිය යුතුයි‘‘-ජුලි චන්ග්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව, ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා යන ගමනේදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළිදීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.

සාමකාමී විරෝධතා මගින්, කලා නිර්මාණ ඔස්සේ සිදු කරන ප්‍රකාශන මගින් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශන මගින් අදහස් ප්‍රකාශ කිරීම සිදු විය හැකි බව ඇය පෙන්වා දුන්නාය.

ජාත්‍යන්තර සාම දිනය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභා ශාලාවේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඇය මෙම අදහස් පැවසුවාය.මෙම උත්සවය අධිකරණ අමාත්‍යංශය විසින් සංවිධානය කර තිබිණ.

ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ශ්‍රී ලංකාවේ ඇති වීම පිළිබඳව මෙන්ම නව්‍යකරණයෙන් රට ගොඩ නැගීම පිළිබඳව දැඩි බලාපොරොත්තුවක් සියලු දෙනාටම තිබෙන බවත් එසේම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් දූෂණයට එරෙහි වීම සඳහා ක්‍රමානුකූල වෙනසක් පද්ධතිය තුළ සිදු වෙතැයි සියලු දෙනාම දැඩි බලාපොරොත්තුවකින් පසුවන බවත් ජූලී චන්ග් මහත්මිය පෙන්වා දුන්නාය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චංග් මහත්මියගේ සහභාගිත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී ඊයේ(22 ) පෙරවරුවේ පැවැත්විණ.

සාමය ලෝකයටම වැදගත් කරුණක් බවත් සාමය, සංහිඳියාව ඇති කළ යුත්තේ ග්‍රාමීය මට්ටමේ සිට බවත් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.ඒ හේතුවෙන් මේ වන විට සියලු ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි සංහිදියා කමිටු 14022 ස්ථාපිත කර තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 



අදහස් (15)

‘‘කතා කිරීමේ නිදහස බිලි නොදිය යුතුයි‘‘-ජුලි චන්ග්

lalith Saturday, 23 September 2023 05:03 PM

සාදු සාදු ඇමරිකානු නිකායේ පූජ්‍ය පාද චැන්ග් ඔය නිදහසට චීනය රුසියාව සමග ගනුදෙනු කිරීම අයිති නැත්තේ ඇයි?

:       21       29

Kumar Saturday, 23 September 2023 10:26 PM

ලලිත් ජීවත් වෙන්නේ ගලක්යට වෙන්න ඕනෑ. ඔබ කියන ආකාරයේ තහනමක් නැත.

:       5       11

චන්දන Saturday, 23 September 2023 05:39 PM

මෙයාගේ මේ කතා අපේ දේශපාලකයින් වගේ... අපට ඇහෙන්නයි මේ කියන්නේ... රැවටෙන්න එපා... යටින් ගේම...!

:       4       7

HELAYA Saturday, 23 September 2023 05:43 PM

කුමන්ත්‍රණකාරී අරගලත් බිලි නොදිය යුතුද?

:       3       3

C.K.Lankaputhra Saturday, 23 September 2023 05:58 PM

චීනය, රුසියාව අපිට වැඩක් නෑ. අපට තියන ප්‍රශ්නේ අපේ රට පාලනය කරන නරුම හැත්තක් ගැනයි. ඔවුන් අපේ සාරය හූරන් කනවා. ඒ ප්‍රශ්නයට ඔබතුමිය කතාකරන එක අපට ලොකු හයියක්...

:       9       9

sam Saturday, 23 September 2023 06:27 PM

සාමකාමී විරෝධතා මගින්, කලා නිර්මාණ ඔස්සේ සිදුකරන ප්‍රකාශන මගින් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශන මගින් අදහස් ප්‍රකාශ කිරීම සිදුවිය හැකියි. නමුත් සමාජ මාධ්‍ය මගින් ඔවුන්ගේ පුද්ගලික මතය, වෛරි අදහස්, පුද්ගලයින්ගේ පුද්ගලිකත්වය විවේචනය කිරීම, ප්‍රජතන්ට්‍රවාදී නොවන අදහස් සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා ජනතාව පෙළඹවීම් සිදුකිරීම නැවතිය යුතුවේ. ලෝකයේ බොහෝ දියුණු රටවල ඇමෙරිකාව ඇතුළුව සමාජ මාධ්‍යයට අවශ්‍ය ආකාරයට අදහස් ප්‍රකශ කිරීමට නොහැක. සමාජ මාධ්‍ය සඳහා මාධ්‍ය නීතිමාලාවක් තිබේ. දියුණු රටවල සමාජ මාධ්‍යවේදීන් අදහස් ප්‍රකාශ කරනුයේ facts මත පදනම්ව වුවත් ලංකාවේ සමාජ මාධ්‍ය අදහස් ප්‍රකාශ කිරීම ඍජුවම සිදුවන්නේ එම අදහස් ප්‍රකාශ කරන්නා වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ මතය අනුව මිස facts මත පදනම්ව නොවේ...

:       24       28

Dinesh Sunday, 24 September 2023 11:38 AM

සමාජ මාධ්‍ය පමණක් නෙවෙයි, ප්‍රසිද්ධ මාධ්‍ය වුණත් කරන්නේ ඒකම තමයි.

:       1       12

anil Saturday, 23 September 2023 06:32 PM

අලිසබ්රිගේ ඇමෙරිකාවේ අධ්‍යාපනය ලබන පුත්‍රයා ලංකාවේ දුත පිරිසට එක්කිරීම පිළිබඳව නිහඩව සිටියි.

:       7       37

කිරිපුතා Saturday, 23 September 2023 06:40 PM

ලෝකෙ කිසිම රටකට නිදහසින් ඉන්න නොදී ප්‍රශ්න ඇති කරන, ලෝක ත්‍රස්තවාදීයාගේ නියෝජිතයා අපට බණ කියන්න ඇවිත්...

:       6       7

චන්දිම ෆොන්සේකා Saturday, 23 September 2023 08:47 PM

මගේ අදහස නම් මේ පනත හිතුවක්කාර ලෙස තමන්ට ඕනෑ විදියට රජය සම්මත කරගන්න හදනවා නම් මේ සමාජ ජාලා පරිශීලනය කරන සියලු රටවැසි ජනතාව එක්ව කටයුතු කරලා ඔවුන්ටත් එරෙහිව යම්කිසි ක්‍රියා මාර්ගයක් ගත යුතු බවයි. මේ අනුව මෙම අසාධාරණ පනතට පක්ෂව ඡන්දය දෙන සියලු මන්ත්‍රීන්ගේ සමාජජාලා පරිශීලන ගිණුම් අත්හිටුවන ලෙසත් ඔවුන්ට කිසිදිනක ඔවුන්ගේ නමින් සමාජ ජාලා පරිශීලනයට ඉඩ නොදෙන ලෙසට ඉල්ලා දැවැන්ත පෙත්සමක් පොදු ජනතාව විසින් ඒ ආයතනවලට ඉදිරිපත් කළ යුතුයි...

:       4       10

G. K. Ekanayake Saturday, 23 September 2023 10:03 PM

දෙවෙනි පින්තුරේ ඩීල්දාසගේ බැලිල්ල නම් අප්සට්?

:       2       8

Prase Sunday, 24 September 2023 07:53 AM

කතාකිරීමේ නිදහස හොඳයි, මිනිස්සුන්ට අපහාස කරන්න නිදහස දෙන්න බැහැ නන්ගි...

:       10       11

සල්ලි Sunday, 24 September 2023 12:36 PM

ජූලි චන්ග් නෝනා, ඔබතුමිය ලංකාවේ ප්‍රවෘත්ති බලන්නකෝ...! දේශපාලන කසල ගොඩවල් බලෙන් මිනිස්සුන්ගේ ඔලුවට දානවා හොඳින් බලන්න පුළුවන්... එයාලා මිනිස්සුන්ගේ මොල හෝදලා තියෙන්නේ. සිතීමේ නිදහසත් නැති කරලා...

:       0       7

Rata Perata Sunday, 24 September 2023 12:59 PM

කතාකිරීමේ නිදහස කියන එකේ තේරුමවත් දන්නේ නෑ වගේ... මේකෙ දාලා තියෙන සමහර මෝඩ අදහස් දැක්කාම... ඔක්කොම ඔස්තාර්ලා වගේ ඒක විවේචනය කරනවා. ඒත් දේශපාලකයෝ ජනතාවට තඩි බොරු කියනකොට මේ අපතයින්ට කිසි ගාණක් නෑ. මෙහෙමත් කාලකණ්ණි.

:       1       6

විජේ Sunday, 24 September 2023 05:17 PM

කළු ජූලි අවුරුදු 30ක යුද්දෙකට පාර කැපුවා. සුදු ජූලිත් රඟනවා වැඩියි.. හරියට ලංකාවේ නිල නොලත් ජනාධිපති වගේ දැන්... මාර කැක්කුමක් තියෙන්නේ අපි ගැන...

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

විනිමය ආඥා පනතේ සංශෝධනයට කැබිනට් අනුමැතිය
2025 මැයි මස 08 435 0

විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


හර්ෂ ඉලුක්පිටිය‌ගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි
2025 මැයි මස 08 1989 0

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක


වජිර ධම්මගේ අභාවයට මැතිසබේ සොව
2025 මැයි මස 08 1848 0

හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස


වසරේ පළමු කාර්තුවේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය කැබිනට්ටුවට
2025 මැයි මස 08 197 0

රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.


ආංශික සභා 6කට නව මන්ත්‍රීවරු
2025 මැයි මස 08 403 1

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ


ආහාර විද්‍යාවට වෙනම ආයතනයක්
2025 මැයි මස 08 419 0

ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1185 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 298 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1333 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site