(ඉන්දිකා රාමනායක)
කටුගස්තොට වට්ටාරන්තැන්න ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 12ක නිල් මැණිකක් අලෙවි කිරීමට සූදානමින් සිටියදි පොලිස් වෙසින් පැමිණ මැණික කොල්ලකෑ කොල්ලකරුවෙක් අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය පවසයි.
මැණික් ව්‍යාපාරිකයා ඉකුත් 17 මෙම නිල් මැණික් ගල රුපියල් ලක්ෂ 12 ක ට අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේ, පුද්ගලයෙකු එය මිලදී ගැනීම සඳහා පරික්ෂා කිරීමට පැමිණ ඇති බව පොලීසිය කියයි,
පුද්ගලයන් මැණික් ගල පරීක්ෂා කරමින් සිටින අතරතුර එම ස්ථානයට පොලිස් වෙසින් පැමිණි යතුරුපැදියකින් තවත් සැකකරුවෙකු මැණික් ව්‍යාපාරිකයා බියගන්වා තිබූ මැණික් ගල කොල්ලකා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඩේසි ආච්චිගේ මැණික් මල්ල ගැන නම් කිසිම නීතියක් ක්‍රියාත්මක වුණේ නෑ නේද?