
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සලක් තුළ දී තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
මෙලෙස පහර දී ඇත්තේ බොරැල්ල කොටා පාරේ සුපිරි වෙලද සලක් තුළදීය.
පහර කෑ තරුණිය ඉකුත් 18 වෙනිදා එම වෙළඳසැලතුළින් චොකලට් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියලා තිබුණු විදියට විධායක නිලධාරීනියක්... එහෙම හොරකම් කළා නම් සමාගමට කළ අපහාසයට එයත් ගෙදර යවන්න ඕනෑ. හොරාකෑවත් ගහන්න අයිතියක් වෙළඳසැලේ සේවකයින්ට නෑ. පොලීසියට බාර දෙන්න ඕනෑ නේද.?
මෙම සේවකයින් බොහෝ දුර පළාත්වල ඉගෙනීමක් නැති.. ඉතා දිළිඳු පිරිසක්... මේ අයගේ හිනාවක් නෑ... හරිම නපුරු අය... සල්ලිකාර.. ලස්සන කෙනෙක්ට හිංසා කරන්න ලැබුණොත්.. මෙයාලාගේ මුළු පීඩනයම එතැනින් යවනවා... මෙයාලා එච්චර පිරිසිදුත් නෑ. හරි අප්‍රසන්නයි .. JVP වගේ තමයි...
එතකොට හංවැල්ල කෑරගල සුපර් මාකට් එකේ ගුටිදීපු එක යට ගිහින්ද?
එම තරුණිය මොනවගේ මානසික තත්වයක හිටිය කෙනෙක්ද දන්නේ නැහැ .කෙසේ වෙතත් පහරදීම අනුමත කල නොහැක .හදිස්සියේම එම තරුණිය මියගියානම් මොඅක්ද වෙන්නේ ?මිනීමැරුමක් නේද එහෙමනම්