
(යොහාන් භාසුර)
බොරැල්ලේ සුපිරි වෙළඳසැලකදී ඊයෙ (22) තරුණියක අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය පිළිබඳව පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංමයේ සභාපති අසේල සම්පත් මහතා අද පැවැසීය.
නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මෙම සිද්ධිය පිළිබඳව වහාම ආරම්භ කළ යුතු යුතු බවත් ඔහු පවසයි.
සමාජ මාධ්‍යයක ඇතැම් දේවල් පළ කර වහාම අත්අඩංගුවට ගන්නා ශ්‍රී ලංකා පොලීසිය මෙම සිද්ධිය පිළිබඳ ක්‍රියාත්මක නොවීම පිළිබඳ දැඩි සැකයක් මතුවන බව කී අසේල සම්පත් මහතා මෙම සුපිරි වෙළෙඳ සැල තුළ දී තරුණියකට අමානුෂිකව පහර දීමේ සිද්ධිය සමාජ මාධ්‍යවල පළ වී පැය 24කට ආසන්න කාලයක් ගතවී තිබුණද කිසිදු පියවරක් ගෙන නොමැති බවද සඳහන් කළේය.
කාගීල්ස් ෆුඩ්සිටි සුපිරි වෙළඳසැල් ජාලය මේ සම්බන්දයෙන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අදාල සිද්ධිය පිළිබඳ කනගාටුව පළ කරන බවත් එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව විනය පියවර ගන්නා බවත් කියා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකමක් වුණොත් පාඩුව ඔය වැඩකරන ළමයින්ගේ පඩියෙන් කපාගන්නේ. ඉතින් සේවකයින්ට තරහ යන්නේ නැද්ද? දැන් ඔය හෙරගේ පැත්තට කතාකරන මෝඩයින් තමන්ගේ පොකට් එක හොරාකාපු මිනිහාව අහු වුණොත් මෛත්‍රී කරකර නිකන් ඉන්නවාද? ඔය සැලකුවා හොඳ වැඩියි...
ගොඩක් දුකයි.
මේවායේ ඉන්නේ ඉතාම දුර බැහැර ගොඩක් දුක් විඳපු.. සමාජය ගැන වයිරයෙන් ඉන්න අන්ත දුප්පත් කොටස් ... ඔවුන්ගේ පීඩනය පිට කරන්නේ මෙහෙමයි .. JVP වගේම තමයි.
ගෙදර යන ගමන් පහර කන්න එන්න. දිවයින පුරාම ශාඛා ඇත.
ලාල්ට අමු කැවිලාද? කොහෙද යන්නේ මල්ලෙ පොල්... ජවිපෙ කාරයින්ගේ හැදිච්ච හැසිරීම්, මීටින් එකක් අවසානයේ එම බිම පිරිසිදු කිරීම වැනි යහගුණ දකින්නේම නැද්ද? තවමත් අර රැළ පස්සේමද යන්නේ? ඉතින් කොහොමද රටක් හදන්නේ.? මේ වගේ ගොන් රැළක් එක්ක.
දේශපාලන ගේමක්...!
හොරකම් කළා කියලා ඔහොම පහරදිම වරදක්... අනික කාන්තාවකට පුරුෂයින් පහර දෙනවා... කෝ දැන් රෝසි ඇන්ටිලාගේ කාන්තා හඬවල් කෝ ජවිපෙ සමාජවාදි කාන්තා සංගම් කෝ? ඇයි නිහඬ? හොරකම් කළා නම් ඒකට පොලිසියට පැමිණිලි කරලා 119 තියෙන්නේ ඕකට පොලිසියට භාරදෙන්න ඕනෑ. ඕකේ සේවකයින් කළ පළමු පහරදිම නොවේ. ඒනිසා පහර දුන් අයට වගේම කාගිල්ස් ආයතනයටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. පොලිසිය සල්ලිවලට නිහඬද යන්න ගැටළුවක්... මොකද හරක් කටා ගැන සිදුවිම් නිසා පොලිසිය ගැන මිනිස්සු බලන්නේ දැන් ඌරන් දිහා බලන විදියට තමයි..
ඔය ආයතනයේ කට්ටිය සමහර වෙලාවට ප්‍රොමෝෂන් එකක් කියලා වංචා කරන අවස්ථා තියෙනවා. එහෙම වැඩකින් පස්සේ මම ඔය ආයතනයෙන් මිලට ගැනීම නතර කළා. ඒත් කියන්න ඕන බොහෝවිට ඔය ආයතනයේ භාණ්ඩ මිල අනෙක් ආයතනවලට සාපේක්ෂව අඩුයි කියලා. ඒත් සමහර අවස්ථාවල සේවකයින් හරිම අහංකාර ගතියකුත් පෙන්වනවා. කිරලා ගන්න භාණ්ඩ ගන්න සෑහෙන වේලාවක් ඉන්නම වෙනවා. සමහර වෙලාවට සිකියුරිටි නෝනා බඩුකිරන්න යනවා මිස කඩේට එන අයට වාහනය නවතන්න හෝ පිටවීමේදී වාහනය මාර්ගයට ගන්න උදව්වක් කරන්නේම නැහැ. කොටින්ම කිව්වොත් සේවකයින්ට පුහුණුවක් නැහැ කළමනාකරණය ඉතාමත් දුර්වලයි...
මෙය කාර්යමණ්ඩලය පිළිබඳ ආචාරශීලී හෝ දුර්වල පසුබිමක් නොවේ! මෙය දුර්වල කළමනාකරණයකි. තත්වය ඔවුන්ගේ වැඩ ආචාර ධර්ම පෙන්නුම් කළේය. මම ජීවත් වන්නේ එංගලන්තයේ, අපට විශාල සාප්පු එසවුම්කරුවන් සිටි නමුත් අපි ඔවුන් සලකන්නේ ගනුදෙනුකරුවන් ලෙසය. අපට යමක් අහිමි වුවහොත්, අපි අපගේ පද්ධතියට ඇතුළු වී නැවත පොලිසියට කතා කරමු. පාරිභෝගිකයා හෝ සාප්පු සොරකම් කරන්නන් ස්පර්ශ කිරීමට අපට අයිතියක් නැත. අපි ඔවුන්ට පාරිභෝගිකයෙකු ලෙස සමානව සලකමු. අපේ මේ වගේ හැසිරීමක් නම් අනිවාර්යයෙන්ම අපේ රැකියා නැති වෙනවා. මෙම සිදුවීමෙන් පෙනී යන්නේ කාර්ය මණ්ඩලයට ද කිසිදු අනුකම්පාවක් නොමැති බවයි...
වැරැද්දක් කළා නම් පොලිසියට බාර දිය යුතුයි.
අනේ ගමගේ... ඔයා 89/89 ඉපදිලා හිටියේ නැද්ද..? ඔයා කියන විනයගරුක JVP අයගේ විනය ගැන ඒ කාලේ හිටපු කෙනෙක්ගෙන් අහගන්න.
මෙතන අර හොරකම් කරපු ගෑණිගේ කොණ්ඩෙන් ඇදලා ගහන්නේ ගෑණු ටිකක්නේ... වීඩියෝ එකේ තියෙනවා ඔක්කෝම...
ඔය වගේ පහරදීම් සිදුවෙනවා. මමත් සුපිරි වෙළඳ සැලක වැඩ කළා. හොරකමක් කරලා අහුවුණොත් අල්ලගෙන ගිහින් ගහනවා. දණගස්වලා පින්තූර ගහනවා. වොෂ්රූම් හෝදවනවා. මේ දේවල් වලට ඇක්ෂන් ගන්න ඕනේ.
කට්ටියක් ජේවීපී එකට බැනලා බොරදියේ මාලුබාගන්න හදනවා. රට පාලනය කරපු අනිත් පක්ෂ දෙකම ජේවීපී එකට වඩා මිනීමරලා හොරකම් කරලා රාජ්‍ය දේපල විනාශ කරපු බව ඒ අයට අමතක වෙලා...!
කාන්තාවන්ට පහර දෙන, ඝාතනය කරන අය ඉන්න එකම රට ශ්‍රී ලංකාව.
මොන වරදක් කළත් කාන්තාවකට අමානුෂික ලෙස පහරදීම වැරැදියි. දඬුවම් ලබාදීම අධිකරණයේ රාජකාරියක්. කාන්තා කාර්යාංශය, මිනිස් අයිතිවාසිකම් සංවිධාන, කාන්තා අයිතිවාසිකම් සංවිධාන හ කාන්තා අමාත්‍යංශය නිහඬ ඇයි?...
ඇයි සාරංග මතක නැද්ද 88/89 කාලේ ඔය ජේවීපී එකේ උදවිය ඇත්තටම රට ගිනි තියපු හැටි...!
හොරකම් කළා නම් කෙල්ලත් වැරැදියි. එයාට ගැහුවා නම් ඒ අයත් වැරැදියි. ඒකනේ කිව්වේ. පළමු ගල... පව් නොකරපු කෙනෙක් ගහන්න කියලා.
ආයතනයේ නම කියන්න බැරිද?
නීතිය අතට ගන්න මේ සමාගම්වලට බෑ. ඒකට තමයි පොලිසිය තියෙන්නේ. මේ වගේ පහරදීම් සිදුවූ පළමු අවස්ථාව නොවෙයි, මීට පෙරත් මේ වගේ පහරදීම් සිදුවෙලා තියෙනවා. මේ වෙලාවේ ජනතාව ආයතනය සම්බන්ධව විනය පියවරක් ගැනීමයි කළ යුත්තේ. මම නම් ආයේ ඔහෙන් බඩුගන්න යන්නේ නැහැ. එච්චරයි...
හොරකම කළ ගෑණු ළමයා ප්‍රධාන සමාගමක විධායක නිලධාරීනියක් කියලා තිබුණා. ඒ වගේ අය තියාගෙන ඉන්න සමාගම්වලට දේව පිහිට තමයි ඉතින්...
කවුරු මොනවා කිව්වත් අපිනම් මීට පස්සෙ ෆුඩ්සිටි නොයන්න තීරණය කළා...
මේ විකාර ඔක්කොටෝම මුල හරි සිස්ටම් එකක් නැති එක...
මේක සිදුවෙලා තියෙන්නේ බොරැල්ල නොවෙයි හංවැල්ලේනේ. ඉතින් බොරැල්ල පොලිසියෙන් ක්‍රියා කරන්නේ කොහොමද?