
(අංජුල මහික වීරරත්න)
රටේ ජනතාවගේ කුසගිනි නිවීමට දහඩිය හෙලන ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීමට රටට සුදුසු නව කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කරන්නැයි මල්වතු - අස්ගිරි මහා නාහිමිවරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා සිටියහ.
එළැඹෙන මහ කන්නයේ දී වගා කටයුතු ආරම්භ කිරීමට පෙර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නාහිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නාහිමියන්ගේ අනුශාසනා හා උපදෙස් ලබා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා මහනුවර දී උන්වහන්සේලා හමුවූ අවස්ථාවේදී මේ බව කීහ.
මේ වනවිට මෙරට කෘෂිකර්ම කටයුතු සඳහා තරුණයින්ගේ සහභාගීත්වය අඩුවීම සම්බන්ධව අදහස් පළ කළ මල්වතු මහ නාහිමියෝ තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි අමාත්‍යවරයාට පැවසූහ.
එමෙන්ම ගොවි ජනතාවගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙසත් ගොවි ජනතාවට ගොවිතැන එපා වුවහොත් මුළු රටේම ජනතාවට කුසගින්නේ සිටීමට සිදුවනු ඇති බවත් මල්වතු මහා නාහිමියෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න කියන්නේ එකම දේ...
මොවුන්ට කියලා වැඩක් නැහැ අපේ හාමුදුරුවනේ...!