(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මත් පෙති 20,7000 ක තොගයක් සමග මන්නාරම තාරාපුරන් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
මෙම සැකකරුමත් පෙති කිහිපයක් සමග මුලින්ම සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පසුව සැකකාර තරුණයා ගෙන් වැඩිදුර ප්‍රශ්න කර හෙළි කර ගත් තොරතුරු මතතල්පාඩු ප්‍රදේශයේ පාලු ඉඩමක සුරක්ෂිත ලෙස වළ දමා තිබූ මෙම මත්පෙති තොගය සොයා ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයටපැවසීය.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙනමත් පෙති තොගය සොයාගෙන ඇත්තේ මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන අංශයේ පොලිස් සැරයන් ගුණසිරි (74927) මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.
සැකකරුට මෙම මත් පෙති තොගය ගෙනැවිත් භාරදුන් පුද්ගලයා ගැන තොරතුරු හෙළි කර ගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd