පළාත් පාලන පනත් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පත් වල ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දුන්නේය. 08 August 2023
’අගෝස්තු 16න් පසු සමනල වැවෙන් විදුලිය නෑ ’ සමනල වැව ජලාශයේ විදුලි උත්පාදනය අගෝස්තු 16 වන විට සම්පූර්ණයෙන්ම ඇනහිටින බව විදුලි බල හා ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 August 2023
සිසුන්ගේ ආහාර ගැන බලන්න ටෙන්ඩුල්කාර් සබරගමුවට යුනිසෙෆ් සංවිධානයේ අනුග්‍රහය යටතේ සබරගමු පළාතේ ක්‍රියාත්මක පෙර පාසල් සදහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ උතුරු ගෝනගල පිපෙන කැකුළු පෙර පාසලේ දී පැවැත්වුණි 08 August 2023
රසායනික කර්මාන්ත ශාලාවේ ගින්න සිසුහු 102 රෝහලට යවති කඳානේ රසායනික කර්මාන්ත ශාලාවක් ඇති වූ දුම ආග්‍රාහනය වූ පාසල් සිසුන් පිරිසක් රෝගී වී රාගම රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මර්ග කියයි. 08 August 2023
නියඟයෙන් බැට කන උතුරේ වැසියෝ උතුරු පළාතට බලපා ඇති දැඩි නියං සිහිත කාලගුණය හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 22,666 කට අයත් පුද්ගලයින් 72,357 දෙනෙකු විපතට පත්ව ඇති බවට දිස්ත්‍රීක්භාර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 08 August 2023
රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ආඥාවක් රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(8)දැනුම් දුන්නේය. 08 August 2023
පීසී ට ගඩොලකින් ගැසූ පීසී අත්අඩංගුවට මඩකලපුව, වාකරේ පොලිස්ථානයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකුට ගඩොල් කැටයකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන එම පොලිසියේම රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරෙක් වාකරේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 08 August 2023
දත්ත වෙනස් කර මුදල් ගත් කාර්යාල සහයකයින් දෙදෙනා මාට්ටු කල්මුණේ මහ නගර සභාවට අයවිය යුතු රුපියල්18,094,795,28මුදලක් පරිගණක දත්ත වෙනස්කර වංචාවෙන් ලබා ගත්තේ යැයි කියන එම නගර සභාවේ කාර්යාල කාර්ය සහායකයින් දෙදෙනකු රහස් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 08 August 2023
පෙම් පළහිලව්වකට පහරදී ඝාතනය කරලා අවුරුදු දහ නවයක් වයසැති තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බව කියමින් චෝදනා කර පනස් පස් හැවිරිදි පුද්ගලයකු අල්ලා ගස් බැඳ පහරදී ඝාතනය කළේ යැයි කියන පුද්ගලයින් හයදෙනෙකු යාපනය, චුන්නාකම් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 08 August 2023
නුවරඑළියේ නිවසක වෙඩි වැදි මිය ගිය යුවළක් නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේ නිවසක් තුළ අඹු සැමි යුවළක් වෙඩි වැදී මිය ගොස් ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි. 08 August 2023
අදත් ලොකු වැස්සක් නෑ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 August 2023
රුසියාව ආයෙත් සඳ තරණයට දශක පහකට පසු යළිත් සඳ ගවේෂණයට රොබෝ යානයක් යැවීමට සැලැසුම් කරන බව රුසියාව පවසයි. 08 August 2023
දඹුල්ල අවුරා තුන්වැනි ජය ලබයි ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙස අද (7) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී දඹුල්ල අවුරා පිල ලකුණු 9ක කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබීය. 07 August 2023
ගුවන් සමාගමේ අධ්යක්ෂ මරා රන් බඩු කොල්ල කාලා රන් අනාභරණ පැහැර ගැනීමේ අරමුණෙන් කොටුගොඩ ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසකට කඩා වැදුණු පුද්ගලයකු එම නිවසේ පදිංචිව සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂකවරයකුට පිහියකින් ඇනීම නිසා බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම සිද්ධියෙන් දින තුනකට පසු මියගිය බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 07 August 2023
කලම්බු ස්ට්‍රයිකර්ස් තුන්වැනි ස්ථානයට එයි ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය ලෙස අද (7) පැවැති දිනයේ පළමු තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් ක්‍රීඩකයෝ කඩුලු 7 කින් ගෝල් ටයිටන්ස් පරාජය කිරීමට සමත් වූහ. 07 August 2023
පාපන්දු පිටිය යුධ පිටියක් වෙයි: 10 ක් රොහලේ වෙස්ලි විදුහල සහ සහිරා විදුහල අතර පැවති පාපන්දු තරගයකින් අනතුරුව ඇති වූ ගුටිබැට හුවමාරුවකින් දස දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි 07 August 2023
උඩවලවට වතුර දෙන්න කැබිනට් අනුමැතිය කෘෂිකාර්මික කටයුතු සඳහා සමනළ වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 August 2023
වේයන්ගොඩ කාශ්මීරා ලෝක ළමා සාම සමුළුව හොල්ලයි ජපානයේ ටෝකියෝ නුවරදී පසුගියදා පැවති ‘‘සිව් වැනි ලෝක ළමා සාම සමුළුව‘‘ ( 4 th Children‘s world peace summit 2023 ) ශ්‍රී ලංකාව නියෝජනය කළ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ආර්.කශ්මිරා ජයවීර ශිෂ්‍යයාව එම සමුළුවේ දී ‘වඩාත්ම සාමකාමී කථන සම්මාන ලාභියා‘‘( Most Peaceful Speech Award Winner) ලෙස ළමා සාම ත්‍යාග දිනා ගත්තාය. 07 August 2023
මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට සුරාබදු නිලධාරීන්ගෙන් වෙඩි බම්බලපිටිය මුහුදු මාවතේ පිහිටි ඉන්ධන පිරවුම් හලක් අසලට මෝටර් රථයකින් පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු සුරාබදු නිලධාරීන් ගේ වෙඩි ප්‍රහාර හමුවේ අද (7) පලාගොස් ඇති බව පොලිසිය කියයි. 07 August 2023
නවක වදය දුන්නැයි රිමාන්ඩ් සිටි කැලණියේ සිසුහු දෙකකට ඇප කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට නවක වදය ලබා දීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනය සිදු කොට මහර අධිකරණයට ඉදිරිපත් කරන ලද රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු දැඩි කොන්දේසි ඇප මත මුදා හැරීමට මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් සමන් දිමුතු කුමාර පරණ ලියනගේ අද ( 7) පස්වරුවේ නියම කෙළේය 07 August 2023
අභියාචනාධිකරණ සභාපති දිවුරයි අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 07 August 2023
ඇඟළුම් හිමියන් කබලෙන් ලිපට රජයට වැට් බද්ද ආපසු ගෙවීම අහෝසි කිරීම නිසා මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් කර්මාන්ත හිමියන් කබලෙන් ලිපට වැටී ඇතැයි ශ්‍රී ලංකා ඇඟළුම් ආපනයන මණ්ඩලයේ සභාපති බන්දුල ප්‍රනාන්දු මහතා පවසයි. 07 August 2023
අරගලයක සෙවණැලි ගැන බුද්ධි අංශ වාර්තාවක් නියගය හේතුවෙන් ගොවි ජනතාව අතර ඇතිවී තිබෙන නොසන්සුන් තත්වය උපයෝගීකරගෙන එම ජනතාව රජයට එරෙහිව පාරට බස්සවා නැවතත් විරෝධතා රැල්ලක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් පවතින බවට රජයේ බුද්ධි අංශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රහස්‍ය වාර්තාවක් බාර දෙමින් දැනුම් දී ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. 07 August 2023
නාමල්ගේ විදුලි බිල හිඟන්නාගේ තුවාලය වගේ නාමල් රාජපක්ෂ මහතාට සමාජයේ කථා බහ වන ආකාරයේ විදුලි බිලක් ලැබී නොමති බවත් මෙම බිදුලි බිල අයකරගැනීමේ උවමනාවකට වඩා රාජපක්ෂවරුන්ට මඩ ගැසීමේ පරමාර්ථයක් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (7) පැවසීය. 07 August 2023
තේ දළු මිල පහළට: වතුහිමියෝ ගැටලු රැසක දලු මිල බරපතල ලෙස පහත වැටීම නිසා තමන් ගැටලු රැසකට මුහුණ දී ඇතැයි තේ වතු හිමියෝ පවසති. රුපියල් 350- 400 දක්වා පසුගිය කාලයේදි මිල ඉහළ ගිය අමු තේ දලු කිලෝවක මිල මේ වන විට රුපියල් 160- 65 දක්වා පහත වැටී ඇතැයි තේ වතු හිමියෝ පවසති. 07 August 2023
මූල්‍ය වාර්තාව ගැන විවාදය හෙට වසර මැද මූල්‍ය තත්වය(2023) වාර්තාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී හෙට (8) පැවැත්වේ. මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ආණ්ඩු පක්ෂය විසිනි. 07 August 2023
නියං රකුසා මහවැලියත් බිලිගනී දිවයින පුරා පවතින දැඩි නියඟය හේතුවෙන් ජලාශ ගංඟා ඇළ දොළ සිඳී යමින් පවතින අතර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දැඩි පානීය ජල හිඟයකට මුහුණ දී සිටිමින් සිටිති. 07 August 2023
සමනළවැවෙන් ජලය දෙන්න යෝජනා කැබිනට් මණ්ඩලයට සමනළවැව ජලාශයෙන් කෘෂිකාර්මික සහ වාරිමාර්ග කටයුතු වෙනුවෙන් අවශ්‍ය ජලය නිදහස් කිරීමට සහ අඛණ්ඩව විදුලිබලය සැපයීමේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව සකස් කළ යෝජනා කැබිනට් මණ්ඩලයට යොමු කිරීමේ විශේෂ හමුවක් අද (7) පෙරවරුවේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 07 August 2023
’’අලුත් ගමක් - අලුත් රටක්’’ හදන්න අගමැති අම්පාරට ’’අලුත් ගමක් - අලුත් රටක් ’’ ජාතික ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනේ අම්පාර දිස්ත්‍රික් රැස්වීම පසුගියදා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ඒ.අයි. වික්‍රම ශාලාවේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි 07 August 2023
බොරැල්ල ව්‍යාපාරිකයා ඝාතනයට 3ක් සැකපිට යතුරු පැදියකින් පැමිණ බොරැල්ල ලෙස්ලි රණගල මාවතේදී. ටී 56 ගිනි අවියකින් වෙඩිතබා ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. 07 August 2023
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026