(සුජිත් හේවාජුලිගේ සහ කේ.එල් චාමින්ද)
සෞඛ්‍ය සේවයේ වෛද්‍ය නිලධාරීන් 1331 දෙනකුගේද හෙද නිලධාරින් 1756 දෙනකුගේ සහ උපස්ථායකයන් 2268 දෙනකුගේද හිඟයක් පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
සෞඛ්‍ය සේවය පවත්වාගෙන යෑමට මේ තත්වය බාධාවක් බව එම කාර්යාලය සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය විගණනය සඳහා පසුගිය වසරේ දෙසැම්බර් මස 31 දිනට දී ඇති තොරතුරුවලට අනුව,රෝහල් 23ක විශේෂඥ වෛද්‍යවරුන් 146ක් අතිරික්තව සිටියදී රෝහල් 38ක විශේෂඥ වෛද්‍යවරුන් 156 දෙනකුගේ ඌනතාවයක් පැවතුණු බව දැක්වේ.
රෝහල් හා ආයතන 21 ක වෛද්‍ය නිලධාරින් 282 ක් අතිරික්තව සිටියදී රෝහල් හා ආයතන 89 ක වෛද්‍ය නිලධාරින් 1613 දෙනකුගේ ඌනතාවක් පැවතුණ බව සඳහන් කරන විගණන වාර්තාව රෝහල් 13ක විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් විස්සක් අතිරික්තව සිටියදී රෝහල් 24ක විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 97දෙනකුගේ ඌනතාවයක් පැවතුණු බවද වාර්තාවේ සඳහන් වේ.
මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් විසි දෙනකුද මහනුවර ජාතික රෝහලේ 15 දෙනකු ද කොළඹ ජාතික රෝහලේ 14 දෙනකු ද කුරුණෑගල ශික්ෂණ රෝහලේ 16 දෙනකුද අතිරික්තව සේවයේ යොදවා ඇති බව විගණනයේදී තොරතුරු අනාවරණයවී ඇත.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධායක මට්ටමේ තනතුරු 39 ක ට අදාළව පුරප්පාඩු 1586ක් පවතින බවද විගණන වාර්තාව සඳහන් කරයි.
එසේම හෙද සොයුරු සොයුරියන් 275 දෙනකුගේද වෛද්‍ය රසායනාගාර කාර්මික විශේෂඥවරුන් 136 දෙනකුගේද වෘත්තීය චිකිත්සකවරුන් 68 දෙනකුගේද ඖෂධවේදීන් 126 දෙනකුගේද විකිරණ ශිල්පින් 270 දෙනකුගේද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 37 දෙනකුගේද විකිරණ ශිල්පින් ශිල්පින් දෙසිය හැත්තෑ දෙනකුගේද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිස් හත් දෙනකු ගේද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හාරසිය පනස් එක් දෙනෙකුගේද පුරප්පාඩු පැවතුණු බව ජාතික විගණන කාර්යාලය
පවසයි.
තවද භෞතික විද්‍යාඥ තනතුරු 59න් 21 ක්ද පර්යේෂණ නිලධාරි තනතුරු 29න් විස්සක්ද පුරප්පාඩුවී පැවතුණු බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අර සෞඛ්‍ය අමාත්‍යාංශය, පළාත් අමාත්‍යාංශය වල අයි. ටී, පරිපාලන, ටොයිලට් හෝදන්නත් දාලා තියනවද දන්නේ නෑ හෙම එකට වෛද්‍යවරු දාගෙන 2000-3000ක් විතර. වෙන වෘතිකයන් දාන්න ඕන ඒවට මෙච්චර වියදම් කරලා හදන වෛද්‍යවරු පුරවගෙන බලය රැකගන්න. ඕනම ටික ටියාගෙන අනිත් අය රෝහල් වලට දැම්ම නම් පුරප්ප්පඩු නෑ.
හෙද සහායක රැකියා පුරප්පාඩු සඳහා...