(උපාලි ආනන්ද)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරයක් තුලදී හෙද නිලධාරිනියකට කතුරකින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු බන්ධුල ගුණරත්න මහතා ඔහුට තරයේ අවවාද කර මුදා හැරියේය.
මෙසේ වරදකරු වූයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ මෙම සිද්ධිය වන අවස්ථාවේ හිටපු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා මෙන්ම ගම්පහ මහ රෝහලේ වත්මන් ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කරන අශෝක විජේමාන්න මහතායි.
විත්තිකාර ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා වරදකරු කරමින් ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බන්දුල ගුණරත්න මහතා කියා සිටියේ ශළ්‍ය විශේෂඥ වෛද්‍යවරු කේන්තියෙන් හා කෝපයෙන් රාජකාරි නොකල යුතුයි. ශග්‍ය විශේෂඥ වෛද්‍යවරුන් මීට වඩා හික්මීමෙන් වගකීමෙන් හා සංයමයෙන් සිය රාජකාරි කළ යුතු බවද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බන්දුල ගුණරත්න මහකා සඳහන් කළේය.
තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පැමිණිලිකාර හෙද නිලධාරිනියට මහේස්ත‍්‍රාත්වරයා දැනුම් දුන්නේ අවශ්‍ය නම් විත්කිකාර ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගෙන් වන්දි ඉල්ලා දිසා අධිකරණය හමුවේ නඩුවක් පැවරීමට හැකියාව පවතින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන කුරුණෑගල ශීක්ෂණ රෝහලේ දොස්තරලා තනිකරම මානසික රෝගීන්. දේශපාලකයින්ට වන්දිබට්ටම් කරන පිස්සෝ රැලක්. මතකනේ පහුගිය කාලේ, අර මුස්ලිම් දොස්තර ශාපි ටත් බොරු චෝදනා කරන්න ජනතාව පෙළඹ වුයේ ඒ අමන දොස්චොරාළ තමයි..
බද්රානි ආයෙත් මතුවෙලා ඉන්නේ මේ
අයිස් මත්ද්‍රව්‍ය ගහන්න ඇති...
දොස්තර වැරැදිකරු බවට තීන්දුකර නිදහස් කිරීමට මහජන මුදල් ලක්ෂ කීයක් වැයකළේද? මිනීමැරුවත් දොස්තර නම් ගෙදර, කොන්දොස්තර නම් හිරේ... එයයි නීතිය. මීට එහා ගියොත් උසාවියට අපහාස කළා කියාවි...!
මම දැකපු සහ වැඩ කරපු හොඳම දොස්තර කෙනෙක්. මම මීට වසර 21කට පෙර ඔහු ළඟ අනුරාධපුර මහ රෝහලේ සේවය කළා. කිසිවිටෙක මුදල් ගැන උනන්දුවක් නැත. මම හිතන්නේ ශල්‍යකර්මයේදී හෙදිය ඔහුට නිසි ලෙස උදව් කරන්නේ නැත.
සදාචාරයට පටහැනි වෛද්‍යවරු සමාජයට ලොකු හානියකි. ඔවුන්ගේ උපාධි සහ ප්‍රජා අයිතිය අවලංගු කළ යුතුයි....