(ප්‍රසාද් රුක්මල්)
පස්සර සිට බදුල්ල හරහා කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයකින් රුපියල් 2000 ක කප්පම් මුදලක් ඉල්ලා එම මුදල නොදුන්නැයි උරණවී වේලාසටහන්කරුවකු බස්රථයේ රියදුරුට පහරදී මෙන් රියදුරු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .
මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ පස්සර කොළඹ අධි සුඛෝපභෝගී පෞද්ගලික බස්රථ රියදුරකු වන බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයකු යැයි පොලිසිය කීය .
පස්සර - බදුල්ල අතර ධාවනය වන මෙම අධි සුඛෝපභෝගී පෞද්ගලික බස්රථය පස්සර නගරයෙන් අද (25) අලුයම 12.30 ට කොළඹ බලා ගමන් ආරම්භ කර බදුල්ල නගරයට පැමිණ බදුල්ල නගරයෙන් අලුයම 1.25 ට පිටත්වීම සදහා බදුල්ල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළ අසල නවතා තිබියදී පැමිණ ඇති මෙම සැකකාර වේලාසටහන්කරු එම බස්රථෙට ගොඩ වී රියදුරුගෙන් මුදල් රුපියල් 2000ක් ඉල්ලා ඇති බවත් ,රියදුරු එම මුදල් දීම ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් ඔහු නැවත රුපියල් 1000ක් හරි දෙන ලෙසට ඉල්ලා ඇති බවත් එම මුදල් දීම රියදුරු ප්‍රතික්ෂේප කර ඇති බවද පොලිසිය සදහන් කළේය .
අනතුරුව රියදුරු බස්රථය ධාවනය කිරිමට උත්සහ ගැනීමේ දි මොහු ඊට බාධා සිදුකර ඇති බවත් ,පසුව රියදුරු බස්රථය නවතා තබා බසයෙන් බිමට බැසීමත් සමඟ මෙසේ සැකකාර වේලාසටහන්කරු රියදුරු ට අතින් පයින් පහරදී දී ඇතැයි පොලිසිය පවසයි .
මේ වන විට බස්රථය තුළ මගීන් 35 ක් පමණ සිටි අතර , පහරකෑමෙන් අනතුරුව රියදුරු බස්රථය බදුල්ල පොලිසිය අසලට ගොස් නවතා මේ සම්බන්ධයෙන් බදුල්ල පොලිසියට පැමිණිලි කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ අල්ලස ප්රවර්ධනය වී ඇත්තේ මෙවැනි මැරයින්ට නිසි දඬුවම් නොදීම නිසයි.
පොලිසිය ඇතුළු ලොකු පොඩි නිලධාරියෝ බොහෝ දෙනෙක් අල්ලස් ගන්නා නිසා අල්ලසට විරුද්ධව කවුරුවත් කටයුතු කරන්නේ නැහැ...
ලංකාවේ සෑම නගරයකම අප්රසිද්ධියේ හෝ ප්රසිද්ධියේ මෙය සිදුවෙනවා. සෑම නගරයක් පසුකර යද්දී ඔවුන්ට ගෙවිය යුතුයි. ලොතරැයි කුටි කරුවන්, බුලත් විට වෙළෙන්ඳන් ආදී නොයෙකුත් වෙසින් හෝ ප්රසිද්ධියේ මොවුන් ඉන්නවා. සෑම දිනකම දහස් ගණනක් මොවුන්ට ගෙවීමට බස් සේවකයින්ට සිදුවෙනවා. කොළඹ පුරහල හන්දියේ දී මෙය සුලබ දසුනක්... ඉතින් අපේ ඉතුරු සල්ලි දෙන්නේ කොහොමද?