
(යොහාන් භාසුර)
චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25) හිමිකර ගත්තේය.
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම එහි රන් පදක්කම දිනාගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැති අවසන් මහ තරගයෙන් ඉන්දීය ක්‍රීඩකඩිකාවෝ ලකුණු 19 කින් ජය ලැබීමට සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 117 ක ඉලකක්ය හඹාගිය ශ්‍රී ලංකා කාන්තා පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 97 ක් පමණි.
ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 116 (ස්ම්රිටි මන්දානා 46, ජෙමීමා රොද්‍රිගුස් 42, උදේෂිකා ප්‍රබෝදනී 16/2, සුගන්දිකා කුමාරි 30/2, ඉනෝකා රණවීර 21/2) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 8 ට 97 (චමරි අතපත්තු 12, හසිනි පෙරේරා 25, නිලක්‍ෂි ද සිල්වා 23, ඕෂදී රණසිංහ 19, ටිටාස් සධූ 6/3, රාජේෂ්වරී ගයක්වාඩ් 20/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ලේලන්ඩ් බස් 10 ක් විතර නිකම් ඉල්ලගන්න පුළුවන් වෙයි...
හොඳයි නෝනාවරුනි .විශිෂ්ට ජයග්‍රහණයක් සහ ඔබේ කණ්ඩායමට සුබ පතනවා .කරුණාකර මෙය දේශපාලන දෘෂ්ටියෙන් නොබලන්න .එය කණ්ඩායමේ සාමාජිකයින්ට කරන අගෞරවයක්,
සුබ පැතුම්...!