IMG-LOGO

පොලිස් කොස්තාපල් අනුන්ගේ කසිප්පු කුලියට ඇදලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කසිප්පු බෝතල් විසි එකක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු  ඔහුගේ රාජකාරි පිස්තෝලය සහ ජීව උණ්ඩ දහයක් අඩංගු මැංගසිනයක් ද සමග  අත්අඩංගුවට ගත් බව අලව්ව පොලිසිය පවසයි.

මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා බීමතින් සිටි බව ඊට අදාළව සිදු කරන ලද පරීක්ෂණ වලින් හෙළි විණි යැයි පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා මහේස්ත්‍රාත්වරියකගේ ආරක්ෂාවට යොදවා සිටිනව රකාපොල පොලීසියට අනියුක්තව පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයෙකි.

මෙම කසිප්පු ,උර 51ක බහා බෑගයක දමාගෙන යතුරුපැදියෙන් ප්‍රවාහනය කරමින් සිට ඇතැයි පොලීසිය පැවසී ය.

පොල්ගහවෙල ප්‍රදේශයේ දී හමුවූ පුද්ගලයකු තමන්ට මෙම කසිප්පු තොගය වරකාපොලට රැගෙන ගොස් එහිදී හමුවන අයෙකුට භාර දෙන ලෙස කියා ලබාදුන් බව සැකකාර පොලිස් කොස්තාපල්වරයා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි කර ඇතැයි කියති.

 



අදහස් (5)

පොලිස් කොස්තාපල් අනුන්ගේ කසිප්පු කුලියට ඇදලා

Bamunuarachchi Monday, 25 September 2023 10:13 PM

පොලිස් කාරයෝ සල්ලි වලට තුප්පහි අසික්කිත වැඩක් කරනවා.

:       0       12

CC Tuesday, 26 September 2023 11:18 AM

පොලීසියෙ නිලදරුවන්ගේ විනය හැදිය යුතුම තත්ත්වයක තිබේ .මේ සඳහා ස්වාධින විමර්ෂන කොමිෂන් සභාවක් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් ඇති කර මෙය නියාමනය කල යුතුයි. අද රටේ මත්ද්‍රව්‍ය තුරන් කල නොහැක්කේ මෙවැනි දූෂිත නිලධාරීන් බහුල ලෙස වැරදි වැඩ කරන්නන්ට අනුග්‍රහය දක්වන නිසයි .මේ නිසා අනාගත දරුවන්ට මේ රට ගොඩනැගීමේදී මෙය විශේෂ සැලකිල්ලක් ගෙන කටයුතු කල යුතුයි. අද අප රටේ පරිහානිය සහ මෙයින් පෙන්නුම් කරයි.

:       0       1

Bunny Preena Tuesday, 26 September 2023 09:27 AM

දරුවෝ ඉන්නවා නම් ඔවුන්ටත් ලොකු අවමානයක්... එක්කෙනෙක් කරන වරදකින් කී දෙනෙකු අපහසුතාවයට පත්වෙනවාද? මේවා ගැන හිතන්නේ නැහැනේ... සල්ලිවලට තියෙන කෑදරකම නිසා.

:       0       0

pakeer Tuesday, 26 September 2023 10:52 AM

පව් අහිංසකයා .නැති කමටනේ දෙයියනේ .පොලිසියේ ඉන්න අයට ගොඩක් සල්ලි නැහැ /ඒ අය දුප්පත් හිඟන්නෝ වගේ .අපි වගේම තමයි .නිල ඇඳුම දාගත්තට එකම සමාජ සහ ආර්ථික මට්ටමේ .පව් අපි අනුකම්පා කරන්න ඕනේ ඒ අයගේ අසරණ කමට.නැති කමටනේ

:       1       1

amal Thursday, 28 September 2023 04:46 AM

පොලිසියේත් පොඩි පොඩි ගේම් ගහන එවුන් තමයි අහුවෙන්නේ. ලොකු ලොකු ගේම් ගහන එවුන් රජවෙනවා

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1007 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site