(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
පරිවාස නිලධාරීන් නිල බලයෙන් සාම විනිසුරුවරුන් බවට පත්කෙරෙන ගැසට් නිවේදනයක් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.
වින්දිතයන් බවට පත්වන දරුවන්ට නෛතික කටයුතුවලදී අවශ්‍යවන දිවුරුම් ප්‍රකාශ ගැනීමේදී සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා පරිවාස නිලධාරීන්ට සාම විනිසුරු පත්වීම්දීමට මේ අනුව නෛතික ප්‍රතිපාදන හිමිවේ.
ඒ අනුව, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ස්ථිර සහ සක්‍රීය සේවයේ නියුතු සෑම පරිවාස නිලධාරියකුම නිල බලයෙන් එකී නිලධාරියා පත්කර ලැබ සිටින අදාළ පළාතේ පරිපාලන දිස්ත්‍රික්කය සඳහා සාමදාන විනිශ්චයකාරවරයකු විය යුතු බවට ගැසට නිවේදනයේ සඳහන් කර ඇත.
ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයෙන් කෙරුණු ඉල්ලීමක් අනුව අමාත්‍යවරයා මෙම පියවර
ගත්තේය.
මන්ත්රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ සභාපතීත්වයෙන් පැවති ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයේදී මේ කාරණය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයාට මෙම ඉල්ලීම කළේය. පරිවාස හා ළමාරක්ෂණ සේවා කොමසාරිස්වරයාද පළාත් කොමසාරිස්වරුද මේ සාකච්ඡාවට සහභාගීවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ආචාර්ය පදවිය තමයි රටට හෙනේ වෙලා තියෙන්නේ .විභාග සමත් උනාට සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න ගැන නොදන්නා මොට්ටයෙක්
ඔව්ව නම් මොනවද.. ඔය කිසි ගැසට්, අන පනත් නැතුව රටේ මිනිස්සු ඉබේම ලක්ෂ ගණන්වලින් ණය කාරයො වෙන්නෙ මුන්නැහෙල නිසා..