(විමුක්ති එස් රුද්‍රිගු)
තමන්ට ලබන මස අග භාගයේදී පැවැත්වෙන ඇමෙරිකානු අධ්‍යන චාරිකාවට සහභාගී වීම සඳහා වීසා ලබා දීමට අවශ්‍ය ආරක්ෂක නිශ්කාශන වාර්තා ලබා ගැනීමට බොහෝ කලක් ගතවන බවත් ඒ හේතුවෙන් වෙනත් නමක් ආදේශ කරන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය දන්වා ඇති බවත් පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය පසුගියදා තමන්ට දන්වා සිටි බව විශ්‍රාමික රියර් අද්මිරාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් එම චාරිකාවට අනෙකුත් ආංශික අධීක්ෂණ කමිටු සභාපතිවරුන් සමඟ සහභාගී වීමට නියමිතව තිබූ බව ආචාර්ය වීරසේකර මහතා පෙන්වා දුන්නේය.
තමන්ට ඇමෙරිකානු වීසා නොලැබීම සම්බන්ධව සහ අධ්‍යන චාරිකාව සඳහා වෙනත් නමක් නිර්දේශ කරන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයට දන්වා සිටීම පිළිබඳ නිල වශයෙන් දැනුවත් දැයි විමසමින් ඊයේ(25) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක්ද යොමු කළ බව ආචාර්ය වීරසේකර මහතා පැවැසුවේය.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයෙකුට හැර, නම් කරන ලද අනෙක් අය සම්බන්ධයෙන් වෙනස් අයුරින් සැලකීමට අනුග්‍රාහකයාට අයිතියක් නොමැති බව ආචාර්ය වීරසේකර මහතා ප්‍රකාශ කළේය.එසේම නාවික හමුදාවේ සිටියදී විවිධ පාඨමාලා සඳහා තමන් ඇමෙරිකාවට ගොස් තිබෙන බවත් බී1 සහ බී2 ඇමෙරිකානු වීසා වසර 5 ක කාලයක් සඳහා තමන්ට තිබෙන බවත් ආචාර්ය වීරසේකර මහතා පැවසුවේය.
තමන්ට අධ්‍යන චාරිකාවට සම්බන්ධ වීම සඳහා විශේෂ කැමැත්තක් ගෝ හේතුවක් නොමැති බවත් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලයට සම්පූර්ණ අයිතිය තිබුණත් එක් අයෙකුට වෙනස් ලෙස සැලකීම සම්බන්ධයෙන් කතානායකවරයා තානාපති කාර්යාලයෙන් නිල වශයෙන් විමසිය යුතු බවත් එම ලිපිය මගින් කතානායකවරයාට දැනුම් දුන් බව ආචාර්ය වීරසේකර මහතා ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිල වශයෙන් විමසා සිටියත් ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමු ජාති වාදීන්ට Visa දෙන්නේ නෑ ..ඇමෙරිකාව
ඉතින් බං නොගිහින් හිටපං. උන් උඹව දකින්නවත් කැමැත්ත නෑ.උඹේ උද්දච්ච මූණ දකින්න අකමැත්ත ඇති...
යට ඇඳුම් ගලවන ,අන්දන එක ගැන මොනවා ඉගෙනගන්නද
මම දැකපු හරිම නරක කෙනෙක්
ඇමරිකාව මානසික ලෙඩ්ඩුන්ටත් වීසා දෙන්නේ නෑ මම හිතන්නේ
බෞද්ධයන් වෙනුවෙන් පෙනීසිටින උතුම් මිනිසෙකුට නිගාකරන බොරු සිංහල නම්වලින් අදමයන්ට ශාප වේවා
ජාති වාදීන්ට වීසා නොදිය යුතුයි.
පොලිස් ඇමති විදිහට හිටපු කාලේ පාස්කු ප්‍රහාරයේ මහ මොල කාරයා තෝරා පත්කර ගත්තයි කියල අමූලික බොරුවට ඇමරිකාව එතුමට සලකනවා වෙන්න බැරිද,?
හොඳ වැඩේ
කුහක අන්අතවාදී න්‍යාගමිකයන් හා අන්තවාදී අන්‍ය ජාතිකයන් විසින් ඔහුව මෙසේ සමච්චලයට ලක්කලත්, රටේ බහුතර ජනතාව විසින් එතුමාව මහත් ගෞරවයෙන් සලකති.