දරුවන් 60ක් හදන්න දායක වූ පියෙක් ගැන සොයයි ඕස්ට්‍රේලියාවේ ව්‍යාජ අනන්‍යතාවයන් හතරක් භාවිත කරමින් ශුක්‍රාණු පරිත්‍යාග කළ ශුක්‍රාණු දායකයකු දරුවන් 60 දෙනකුගේ පියෙක් බව අනාවරණය වී ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත. 20 February 2023
දෙමටගොඩ නිවසක තියුණු ආයුධ තොගයක් දෙමටගොඩ ධර්මාරාම පාර කාලිපුල්ල වත්ත නිවසක සඟවා තිබූ තියුණු ආයුධ තොගයක් සමග නිවසේ හිමිකරු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි . 20 February 2023
ඡන්ද නැත්නම් කොමිසමක් මොකටද? පළාත් පාලන මැතිවරණය නිසි පරිදි පැවැත්වීමට නොහැකි නම් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉල්ලා අස්විය යුතු බව නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන, නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 20 February 2023
නියෝග 5ක් හෙට මැතිසබයේ විවාදයට ශ්‍රී ලංකා තේ මණ්ඩලය යටතේ අංක 2245/29 , 2248/36, 2248/37 සහ 2258/14 යන ගැසට් පත්‍රවල පළකළ නියෝග හතරක් සහ සමාගම් පනත යටතේ අංක 2303/07 දරන ගැසට් පත්‍රයේ පළකළ නියෝගය පාර්ලිමේන්තුවේදී හෙට (21) විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතය. 20 February 2023
ගහපු ඡන්ද පත්‍රිකාවලට කරපු දේ දිස්ත්‍රික්ක 22 ට අදාලව මුද්‍රණය කෙරුණු තැපල් ඡන්ද පත්‍රිකා ඉදිරියේ දී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් රහස්‍ය ලේඛන ගබඩාවේ තැන්පත් කළ බවරජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය. 20 February 2023
කඩුවෙලට එජාපයේ අලුත් නිවහනක් එක්සත් ජාතික පක්ෂයේ නව කාර්යාලයක් කඩුවෙල නවගමුවේදී විවෘත කෙරිණි. 20 February 2023
පෙරළුණු බසයේ තවත් සිරුරක් පැය 12 කට පසු සොයාගනී නෝටන්බ්‍රිජ් දියගල මාර්ගයේ සිදු වු බස් රථ අනතුරෙන් පසු බස් රථයට යට වි සිටි තරුණයෙකුගේ සිරුරක් අද (20) ලක්ෂපාන යුද හමුදා කදවුරේ භට පිරිස් සහ නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් විසින් සොයාගනු ලැබුහ. 20 February 2023
කර්නල්ගේ මෝසම කර්නල්ම ඉල්ලා අස්කර ගනී පළාත් පාලන මැතිවරණයට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම කඩිනමින් විභාග කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබු මෝසම තව දුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් නැතැයි විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතාගේ නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට අද (20) දැනුම් දුන්නේය. 20 February 2023
කැලණි විරෝධයේ භික්ෂූන් ඇතුළු 6ක් මාට්ටු කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ විසින් සංවිධානය කළ විරෝධතාව යට භික්ෂූන් වහන්සේලා ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 20 February 2023
කෝටියක මත්ද්‍රව්‍ය දෙහිවලින් අල්ලයි මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු පුද්ගලයෙකු රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙහිවල කව්ඩාන ප්‍රදේශයේදී දෙහිවල පොලිස් අපරාධ අංශය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය. 20 February 2023
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් බලාපොරොත්තු සුන්වෙයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට දකුණු අප්‍රිකාවේදී දැන් පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට තිබූ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය. 20 February 2023
අදත් වැස්ස දිවයිනේ බොහෝ පදේශවලට අද (20) දිනයේත් වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 20 February 2023
කුඩ්ඩා සමග ඇල්ලූ දුරකතනයට කුඩු ඉල්ලා ඇමතුම් ගලා එයි අයිස් මත්ද්‍රව්‍ය සමග සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකු ළඟ තිබී පොලිස්ර බාරයට ගත් ජංගම දුරකථනයට ඔහුගෙන් අයිස් මත්ද්‍රව්‍ය ඉල්ලා මත්ලෝලීන් බවට පැවසෙන 50 දෙනකු පමණ අයිස්මත්ද්‍රව්‍ය ඉල්ලා දුරකථන ඇමතුම් ලබා දීමේ පුවතක් හලාවත උඩප්පුව පොලිසියෙන් වාර්තා වේ. 20 February 2023
ගිනි අවියක් සොරාගත්තැයි සෙබළු දෙකක් මාට්ටු පුත්තලම 58 වැනි බල සේනා මූලස්ථානයේ තිබූ ටී 56 ස්වයංක්‍රිය ගිනි අවියක් උන්ඩ 30 සහිත මැගසිනය සොරාගත් බව කියන එම කඳවුරේ රාජකාරි කරන සෙබළුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය පවසයි. 20 February 2023
වසරක් තුළ තුන්ගුණයකින් විදුලි බිල වැඩි වේ ගතවූ වසරක කාලයේදී රජය මගින් විදුලිබිල සියයට 300කින් එනම් තුන් ගුණයකින් ඉහළ නංවා ඇතැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 20 February 2023
ආධාරකරුවන්ට බෙදන්න කසිප්පු පෙරලා මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ආධාර කිරීමට පැමිණෙන අයට පානය කිරීමට ලබා දීමට යැයි කියමින් කසිප්පු පෙරූ බව කියන උඩුබද්දාව ප්‍රාදේශීය සභාවට ස්වාධීන කණ්ඩායමකින් තරග කරන අපේක්ෂකයෙක් කුලියාපිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා 18 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 20 February 2023
නාවික සෙබළාගේ පා පහරින් සිව් මස් කලලය විනාශවේ ගණේමුල්ල අමුණුගොඩ නිවසක පැවති උපන්දින සාදයක දී අතිවූ ගැටුමක් අතර ගැබිණි කාන්තාවගේ උදරයට පා පහර එල්ල කළ බව කියන නාවික හමුදාවේ සෙබළෙක් ගනේමුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 20 February 2023
ජනසෙත පෙරමුණේ සභාපතිගෙ සුනඛයට වෙඩි තබලා දේශපාලන පක්ෂයක් වූ ජනසෙත පෙරමුණේ සභාපති නිලන්ත කුමාර රණසිංහ මහතාගේ අරඹේපොල ගමන්වත්ත පිහිටි නිවසේ සුරතලයට ඇති කරන ලද සුනඛයාට අසල්වැසියකු වෙඩි තබා මරා දමා ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොතුහැර පොලිසිය පවසයි. 20 February 2023
වන්දනා නඩයක් රැගත් බසයක් ප්‍රපාතයකට පෙරළේ වන්දනාකරුවන් රැගත් බස්රථයක් ගිනිගත්හේන නෝර්ටන්බ්‍රිජ් පොලිසියට නුදුරු ප්‍රදේශයකදී අද රාත්‍රී 9.15 ට පමණ අඩි 100 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනකු මියගොස් 26 දෙනකු තුවාල ලබා ඇතැයි එම පොලිසිය පවසයි. 19 February 2023
ජනරජ පෙරහර වීථි සංචාරය කරයි ශ්‍රී ලංකා නිදහස ලබා වසර 75 පිරිම නිමිත්තෙන් ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව මගින් සංවිධානය කළ ජනරජ පෙරහෙර් ජනරජ ලාංඡනය කැලණිය රජමහා විහාරයේ කණ්ඩුල හස්තියා වැඩම කළහ. 19 February 2023
කැලණි සරසවිය අසල නොසන්සුන් කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු අත්අඩංගුවට ගෙන සිටින සිසුන් වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් එම විශ්ව විද්‍යාල සිසුන් විසින් පැවැත්වූ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය. 19 February 2023
අඟුලානේ පුංචි යුද්ධයක් කඩු පොලු අතැතිව කඩා වැදුණු සිව්දෙනකුගෙන් යුත් කල්ලියක් සිදුකළ පහරදීමකින් පුද්ගලයකු ඝාතනයට ලක්වී තවත් අයකු බරපතළ තුවාල ලබා ඇතැයි අඟුලාන පොලිසිය කියයි. 19 February 2023
පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයට නිසි බලධරයෙක් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයට නිසි බලධාරියෙක් පත් කිරීමටත්,එම විශ්වවිද්‍යාලය “ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන කේන්ද්‍රයක්” බවට පත්කිරීමටත් කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 February 2023
මහ පාරේ නිදියන බව සජිත් කියයි ජනතාව ඉල්ලා සිටින මැතිවරණය ලබා නොදුන්නොත් මහපාරේ ප්රජාතන්ත්රවාදී සාමකාමී අරගලයක් සිදු කර මැතිවරණය කෙසේ හෝ ලබා ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 19 February 2023
ජල බිලටත් තට්ටුවන හැඩ විදුලිය ගාස්තු වැඩි කිරීමට සාපේක්ෂව ජල ගාස්තුද ඉදිරියේදී අනිවාර්යෙන්ම වැඩි කිරීමට සිදුවනු ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 19 February 2023
මව් පිය වලියෙන් පසු දරු දෙදෙනාගේ සිරුරු කැලෙන් හමු වේ රත්නපුර කරපිංච ශාන්ත ජෝකිම් වත්තේ ලැයිම් කාමර අංක හතර අසල ඇති ළිඳක් ආසන්නයේ කැලෑ රොදක තිබී අවුරුදු හතක් සහ අවුරුදු එක හමාරක් වයසැති දරු දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් හමුවු බව කුරුවිට පොලිසිය පවසයි. 19 February 2023
රජයේ ලොක්කන්ට රට ගමන්වලදී සුපිරි සැප කපයි ජනාධිපති ලේකම් ,අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් නිල විදේශ සංචාර වල නිරත වීමේදී ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීම තහනම් කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ. 19 February 2023
රට යන අත ගැන ජනතාව කලකිරිලා වෙරිටේ රිසර්ච් ආයතනයේ ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ පෙබරිවාරි මස ප්‍රතිපල අනුව රටේ කටයුතු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ජනතා තෘප්තිය තව දුරටත් පහත බැස තිබේ. 19 February 2023
තිරණාත්මක පෙත්සමක් හෙට කැඳවයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතා ගොනු කළ රිට් පෙත්සම හෙට(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය. 19 February 2023
රජය ණයවීම නතර වී නෑ ණය ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයිප්‍රකාශයට පත්කර තිබියදී රජය පසුගිය මාස එක හමාරක කාලය ඇතුළත( ජනවාරි සිට පෙබරවාරි 15 දක්වා) රුපියල් කෝටි එක්ලක්ෂ තුන් දහස් තුන්සිය හැත්තෑ හතක( බිලියන1033) ණය මුදලක් භාණ්ඩාගාර බිල්පත් සහ තිළිණපත් මගින් ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. 19 February 2023
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026