(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය ණය කළමනාකරණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2022 අතුරු අයවැය මගින් ආයතනික ප්‍රතිසංස්කරණයක් ලෙස ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබ ඇති අතර ණය කළමනාකරණය ඉහළ නැංවීම සහ පාරදෘශ්‍ය භාවය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ද ප්‍රමුඛස්ථානගත ක්ෂේත්‍රයක් ලෙස හඳුනා ගනු ලැබ ඇත.
යෝජිත රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් තාක්ෂණික සහාය ද ලබා දී තිබෙන බව රජය පවසයි.
අදාළ පාර්ශවකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ණය කළමනාකරණ ප්‍රතිසංස්කරණ සැලසුම ණය කළමනාකරණ ආයතනික රාමුව සහ නීතිමය රාමුව මේ වනවිට සැලසුම් කර තිබෙන බවද රජය කියයි.
ඒ අනුව රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක ට උපදෙස් දීම සඳහා වැඩබලන හා මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් පාඩු ලැබිය හැකි ආයතනයක් පිහිටුවයි. ඒ ආයතනයටවත් ණය කළමනාකරණය කරන්න හැකිවේද ?, අකාර්යක්ෂම පාලකයින් සිටින තෙක් සේවකයා කාර්යක්ෂමව වැඩ කරාවිද ? දැඩි නීති අවශ්‍යයි රාජ්‍ය සේවකයින්ට නැතිව රට ගොඩගනු නොහැක.