(ලක්මි කුඩලිගම)

බුලත්සිංහල  සිට කොළඹ බලා ධාවනය වූ  ලංගම   බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු  එයින  ඇද වැටී මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල , ගලහේන ප්‍රදේශයේ පදිංචිව සිටී කොග්ගල ආරච්ච්ගේ රම්‍ය කුමාර නමැති 42 හැව්රිදි  පුද්ගලයෙකි.

 බුලත්සිංහල නාරගල ප්‍රදේශයේ දී බස් රථයෙන් බිමට ඇද වැටී  බරපතළ තුවාල ලබා  හොරණ මූලික   රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.