(යොහාන් භාසුර)
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ එහි සියලුම සේවකයන් මේ මස 30 වැනිදා සිට අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය දක්වමින් එහි සේවකයෝ කොල්ලුපිටියේ පිහිටි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යංශය පරිශ්‍රය තුළ සත්‍යග්‍රහයක් අද (26) ආරම්භ කළහ.
සේවකයන් බලහත්කාරයෙන් විශ්‍රාම ගන්නා සතොස සතු දේපළ පෞද්ගලික අංශයට දීමට උත්සහ කරන බව ද එහිදී සේවකයෝ විරෝධය දැක්වූහ.
සතොස සේවකයෝ සත්‍යග්‍රහයේ නිරතව සිටි ආකාරය ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)