(යොහාන් භාසුර)

ඇමරිකාවේ ආර්.එම්. පාර්ක්ස් සමාගම ලබන ඔක්තෝබර් මස ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම ආරම්භ කරන බවත් එම සමාගම මේ වන විටත් ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ වසර 20 ගිවිසුමකට අත්සන් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ආර්.එම්. පාර්ක්ස් සමාගමට දැනට ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් 150 ක් සහ නව ඉන්ධන පිරවුම්හල් 50 ක් හරහා ඉන්ධන අළෙවි කිරීමට අවස්ථාව හිමිවන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.