(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ඊ ආදායම් බලපත්‍ර පරිගණක පද්ධතියේ සිදු කරනු ලබන වැඩිදියුණු කිරීම් හේතුවෙන් මේ මස 27 වනදා සිට ඔක්තෝබර් මස දෙවනදා දක්වා පළාතේ කිසිදු කාර්යාලයකින් වාහන බලපත්‍ර නිකුත් නොකරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්.ඒ. ප්‍රේමසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් මගින් දන්වා සිටියි.
එම මාධ්‍ය නිවේදනයේ තව දුරටත් සඳහන් වන්නේ ,ඊ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතිය මගින් දැනට එක් පළාතක් සඳහා පමණක වාහන බලපත්‍ර නිකුත් කිරීම සිදු වුවත් ඉදිරියේදී දිවයිනේ සියලුම පළාත් සඳහා ක්‍රියාත්ම කිරීමට යෝජිත බවයි.
ඒ සඳහා පරිගණක පද්ධතිය මේ වන විට වැඩි දියුණු කරමින් පවතින බවත් ලබන ඔක්තෝබර් මාසයේ තුන් වනදා සිට දිවයින පුරා මෙම වාහන බලපත්‍ර නිකුත් කිරීම ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ලේකම්වරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd