(අංජුල මහික වීරරත්න)

ආර්ථික ස්ථායිකරණ හා ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ආසියා සංවර්ධන බැංකුවෙන්  ප්‍රතිපත්ති මත පදනම් කරගත් විශේෂිත ණය පහසුකම් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ආර්ථික ස්ථායිකරණ හා ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ උප වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන දෙසිය බැගින් වූ ප්‍රතිපත්ති පදනම් කර ගත් ණය පහසුකම් දෙකක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ආසියා සංවර්ධන බැංකුව සමග මූලික සාකච්ඡා පවත්වා ඇත.

එකී පළමු උප වැඩසටහන යටතේ අර්බුද කළමනාකරණ රාමුව සහ මූල්‍ය අංශයේ ස්ථායිකරණය වැඩි දියුණු කිරීම සඳහා වන කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අතර දෙවන උප වැඩසටහන යටතේ ඔරොත්තු දෙන සියල්ල ඇතුළත් මූල්‍ය පද්ධතියක් ගොඩනැගීමට යෝජනා කර තිබේ.

පළමු උප වැඩසටහන සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන දෙසීයක් වාර්ෂිකව සියයට දෙකක පොලී අනුපාතයක් යටතේ වසර 5ක සහන කාලයක් ද ඇතුළත්ව වසර 25ක් නැවත ගෙවීමේ කාලයක් සහිතව ලබා ගැනීම සඳහා ආසියා සංවර්ධන බැංකුව සමඟ නව ගිවිසුමකට එළඹීම සඳහා මුදල් ආර්ථිකය ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.