(මනෝප්‍රිය ගුණසේකර)
ඥාති සහෝදරියගේ බාල වයස්කාර දියණීය දුෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ යුද හමුදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
වසර 24කට ඉහත කළ වරද සඳහා නියම කළ සිරදඬුවමට අමතරව අතවරයට ලක් වු බාල වයස්කාර දියණීයට රුපියල් ලක්ෂ 2 1/2ක වන්දි මුදලක් ගෙවීමටද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා රුපියල් 25000/-ක දඩයකටද ඔහු යටත් කළේය”
2009 අගෝසතු පළමුවැනිදාත් 31 වැනිදාත් අතර කාලය තුළ කාලය තුළ සිය ඥති සහෝදරියගේ වයස අවුරුදු 16 ට අඩු බාල වයස්කාර දියණීය දුෂණය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණී”
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා අදාළ චෝදනාවන්ට ඔහු වරදකරු බවට තීරණය කළේය”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම සතුටුදායක ආරංචියක් . අපේ රටේ හමුදාවල හා පොලිසියේ අයගෙන් බහුතරක් ඔය රජෙ බදුමුදලින් දෙන කෝට් බෑය දාගත්තහම අමුතු උණකින් පෙළෙනවා . දැන් කෝට් බෑයත් නැහැ . බලුවෙලා හිරේ තපිනවා . මේවා දැකලවත් දැනට සේවයේ ඉන්න අය හැදෙනවානම් හොඳයි .
බරපතල වරදක වරදකරුවකු නේද ?ඇයි මේ නම ගම ආදිය පලනොකරන්නේ ?ධනයද ?බලයද ?මෙම තැනැත්තා සාමාන්‍ය සෙබලෙක්නම් ?දුප්පත් පුද්ගලයෙක් නම් ?
යකෝ අවුරුදු 24ක් ගියාද ඕක හොයාගන්න. කෙල්ලට දැන් අවුරුදු 33ක්.
මේවා ගැන අහද්දී සිතෙන දේවල් ෆෝන් එකේ කොටන්න බැහැ