(අංජුල මහික වීරරත්න)

2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත පනතට සංශෝධනයක් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

සමාජයේ ආබාධ සහිත දරුවන්ගේ යහපතට ප්‍රමුඛත්වය ලබා දෙමින් ඔවුන්ට පුළුල් රැකවරණයක් ලැබෙන බව සහතික කිරීම පිණිස නීත්‍යානුකූල ආයතනයක් ලෙස පිහිටුවා ඇති හෝ සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම සඳහා ක්‍රියාත්මක වන ඕනෑම නීතියක් යටතේ ලියාපදිංචි වී ඇති රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යාපන පද්ධතිය සමග එක්ව එවැනි දරුවන්ට සෞඛ්‍ය පහසුකම් ලබා දෙන ඕනෑම පුන්‍ය ආයතනයකට බදු සහන ඉල්ලා සිටිය හැකි වන පරිදි දේශීය ආදායම් බද්ද සංශෝධනය කිරීම යෝග්‍ය බවට යෝජනා වී ඇත.

ඒ  සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඇතුළත් කරමින් දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති පිටුපස සම්පාදක ට උපදෙස් දීම පිණිස වැඩබලන මුදල් හා ආර්ථික ස්ථායීකරණ   හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.