(ඩී.ජී.සුගතපාල)

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ නව පද්ධතිය හඳුන්වාදිමේ කටයුතු වෙනුවෙන් 2023.09.27 සහ 2023.10.02 යන දෙදින තුල දකුණු පළාත් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් හා දකුණු පළාතේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ කටයුතු සිදු නොකරන බව දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

එයට අමතරව මාරගගත ක්‍රමය (ඔන් ලයින්) ඔස්සේද වාහන ආදායම් බලපත්‍ර ගැනිම 2023.09.24 දින මධ්‍යම රාත්‍රියේ සිට 2023.10.06 දිනමධ්‍යම රාත්‍රි 12 දක්වා අත් හිටුවා ඇත.

ආදායම් බලපත්‍ර නිකුත් නොකිරිම නිසා වාහන හිමියන් අපහසුතාවයට පත්විම වැළැක්විමේ අරමුණින් 2023.09.27 වනදින සිට 2023.10.06 දක්වා කාලය තුල කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර සඳහා එම කාලයට අදාලව දඩ මුදල් අය නොකරණ බවද දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ නිවේදනයේ සඳහන්වේ.