(අංජුල මහික වීරරත්න)
මාස හතරක කාලය තුළ ඩීසල් නැව් තොග හතරක් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
2023-11-1 දින සිට 2024-2-29 දින දක්වා ඉදිරි මාස හතරක කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා ඩීසල් නැව් තොග හතරක් මිලදී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත් ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබිණි.
ඒ සඳහා ලංසු පහක් ඉදිරිපත්ව තිබූ අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත M/s petrochina International(Singapore) වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට පිට රට තෙල් ගන්න ප්‍රසම්පාදන මොකටද දැන් චීන සහ ඉන්දියන් ඔයිල් නේ අපි සල්ලි ගෙවලා ගන්නේ
Singapore Petroleum Company (aka Petro China SG) ගන්න හින්දා හොඳා ගිය පාර වගේ වැඩි ගානට ඩීසල් ගත්තා වගේ නැත්තං