(සමන්ත යහම්පත්)
ජාතන්තර සම්මාන දිනූ ශ්‍රී ලාංකේය සිනමාවේ දී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය වන ‘‘පැරඩයිස්’’, ඉන්දීය සුප්‍රකට සිනමාවේ දී මනිරතන්මගේ මැඩ්‍රාස් ටෝකීස් සමාගම මගින් ලොව පුරා තිරගත කිරීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයක් ඉන්දියාවේ ඉහළ පෙළේ සමාගමක් මගින් ලොවට ඉදිරිපත් කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ප්‍රසන්න මෙම චිත්‍රපටය මලයාලම් භාෂාවෙන් නිර්මාණය කිරීම ද විශේෂත්වයකි. ඉන්දීය සුප්‍රකට සිනමාවේ දී මනිරත්නම්, ඉන්දියා නොවන සිනමාකරුවකුගේ චිත්‍රපටයක් ලොවට ඉදිරිපත් කරන ප්‍රථම අවස්ථාව ද මෙය ලෙස සැලකේ.
‘‘පැරඩයිස්’’ චිත්‍රපටයේ මංගල දැක්ම ඔක්තෝබර් 07 වැනදි කොරියාවේ වූසාන් නගරයේ දී ප්‍රදර්ශනය කෙරේ. මෙවර ‘‘බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ’’ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වනුයේ ඉන්දියා හා ශ්‍රී ලංකා එකම නියෝජනය ලෙස වීම විශේෂත්වයකි.
මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු නිළි යුවළක් වන රෝෂන් මැතිව් හා දර්ශනා රාජේන්ද්‍රන් ප්‍රධාන චරිත මවන ‘‘පැරඩයිස්’’ චිත්‍රපටයට මෙරටින් මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, සංජීව දිසානායක ඇතුළු නළු නිළි පිරිසක් දායක වී සිටිති. මෙම චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ දී රූගත කරන ලදී. ‘‘පැරඩයිස්’’ චිත්‍රපටය කේරළයේ චිත්‍රපට සමාගමක් වන නිව්ටන් සිනමා ආයතනය නිෂ්පාදනය කර තිබේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ප්‍රසන්නගේ පැරඩයිස් ලොව වටේම යයි
Siri Tuesday, 26 September 2023 02:02 PM
සිංහල සිනමාවේ අනාගතය පවත්වාගෙන යන්න නම් මෙවැනි ක්‍රියාවලියක් අත්‍යාවශ්‍යයි. ජයවේවා.
Karu Tuesday, 26 September 2023 02:29 PM
"වෙසක් පහන" අටපට්ටම් නොවීයා ලෝක ජගයෙක් ඒකෙන් බිහිවුනේයා මෑලියනේ හද සොම්නස් නැගේයා අපත් එමල් පෙත අතගැසු ලෙසේයා ඔහුගේ ඉහළට යන මාර්ගය සුමට හා ස්ථාවර වේවා! ('70 දශකයේ පානදුර මෑලියන්ස් කලා කේන්ද්‍රයේ මතක සටහන් සමග- Karu)
Rawana Tuesday, 26 September 2023 04:47 PM
මහේන්ද්‍ර පෙරේරා සර් හිටියා කියන්නේ ඉතින් සූපිරියක් තමා