පාර්ලිමේන්තුවේ අලුත් කමිටුවට සාමාජිකයන් නම් කරයි පාර්ලිමේන්තුවේ අලුතින් ස්ථාපිත කළ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 21 February 2023
මැතිවරණය කල් දැමීම ගැන විවාදයක් ලබාදෙන්න බෑ මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලූ විවාදය ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ආණ්ඩු පක්ෂය එකඟවී නොමැත. 21 February 2023
හෙට කළුවර නැති වේවි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සාර්ථකව කෙරීගෙන යන බවත්, ඒ නිසා හෙට එතරම් කළුවර නැතිවනු ඇති බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 21 February 2023
“සිංහල අකුරු’’ ’’දෙමළ අකුරු’’ ජනපතිට පිළිගන්වයි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සම්පාදනය කළ ’’සිංහල අකුරු’’ සහ ’’දෙමළ අකුරු’’ ග්රන්ථ ද්විත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය. 21 February 2023
කිව්.ආර්. මාස තුනකින් අවසන් වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක කිව්.ආර්. කේතය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 21 February 2023
බියගුල්ලන් නොවී ඡන්දෙ තියන්න ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා නොකර, ඊට අවශ්‍ය සියලු පහසුකම් සපයාදීමට කටයුතු කරන්නැයි ,ජනාධිපතිවරයා ප්රමුඛ රජයෙන් සහ අදාළ සියලු රාජ්‍ය ආයතනයන්හි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති. 21 February 2023
වී අස්වැන්න වැඩි කරගන්න සැලැස්මක් ශ්‍රී ලංකාවේ වාර්ෂික වී අස්වැන්න ඉහල නැංවීම අරමුණු කරගනිමින් ඉදිරි වසර 10 ඇතුළත හෙක්ටයාර් එකකට ලැබෙන අස්වැන්න මෙට්‍රික් ටොන් 5.5ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුමක් සකස් කර තිබේ. 21 February 2023
ඉන්ධන ආනයනයට පෞද්ගලික සමාගම් 3ක් ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කර බෙදාහැරීමේ හැකියාව ඇති පෞද්ගලික සමාගම් තුනක් මේ වන විට තෝරාගෙන ඇති බවත් ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 21 February 2023
බෑණා පැදවු ටිපරයට නැන්දම්මා බිලි බෑණා පැදවූ ටිපර් රථයට යට වීමෙන් නැන්දම්මා මියගොස් ඇතැයි නවගමුව පොලිසිය කියයි. 21 February 2023
ඉන්දියාවෙන් චෝදනාවක් ශ්‍රී ලංකා ධීවරයන් ඉන්දියානු ධීවරයන්ට පහර දී ඔවුන්ගේ මාළු අස්වැන්න සහ ධීවර ආම්පන්න රැගෙන ගොස් ඇතැයි තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා චෝදනා කර ඇත. 21 February 2023
’’අයි.එම්.එෆ් හැර විකල්පයක් නෑ’’ ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට විකල්ප යෝජනා ඇත්නම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 February 2023
ඒඩ්ස් විතරක් නොවෙයි පිළිකාවත් පරාජය කරලා එච්.අයි.වී පරාජය කළ ලොව 3 වැනි රෝගියා වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 21 February 2023
හිතුමතේට සම්මාන දීම වලක්වන්න යයි විවිධ ආයතන මගින් අවිධිමත් ලෙස ජාතික සම්මාන පිරිනැමීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 21 February 2023
ගුවන් පාලකවරුන් තවත් 50ක් බඳවා ගන්න යයි ගුවන් ගමන් පාලක වරුන් තවත් පනස් දෙනකු වහාම පුහුණුව සඳහා බඳවා ගැනීමට කටයුතු කරන ලෙස වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමගමේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය. 21 February 2023
ජාතික ආරක්ෂක මණ්ඩලය නීතිගත කිරීමට යයි ජාතික ආරක්ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කිරීමට හැකිවන පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්ය් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 21 February 2023
අවිස්සාවේල්ලේ වෙඩි තැබීමක් මුහුණ වැසෙන සේ ලෝගුවකින් සැරසී පැමිණ අවිස්සාවේල්ල වැවිල කටුවාවිල නිවසක තනිව සිටි වයෝවෘධ කතක් බියකර රුපියල් 50,000ක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ දැරූ නාඳුනන පුද්ගලයකු සිදු කළ වෙඩි තැබීමකින් එම කාන්තාව බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි 21 February 2023
මඩ පෝර නැව එන දිනය කියයි යල කන්නයට මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් නෞකාව ලබන මාසයේ 20 දිනට ආසන්න දිනක දී කොළඹ වරායට ලඟාවීමට නියමිත බව කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි. 21 February 2023
සේපාල් කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි බෞද්ධ ජනතාවගේ සිත් රිදවමින් ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරිම සම්බන්ධයෙන් තමන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ මහතා අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ ප්‍රකාශ කළේය . 21 February 2023
හදිසි පක්ෂ නායක රැස්වීමක් අද සවස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00 ට පැවැත්වීමට නියමිතය. 21 February 2023
‘ඡන්දය ඉල්ලන මැතිසබා විරෝධයට ජවිපෙ නෑ‘ පළාත් පාලන මැතිවරණය ඉල්ලා පාර්ලිමේන්තුවේ පැවැති විරෝධතාවයට ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගි නොවීම විශේෂත්වයකි. 21 February 2023
මාලි රටේ රාජකාරියට ගිය හමුදා සෙබළා මරුට මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි කටයුතුවල නිරත හමුදා සෙබලෙකු හදිසියේම රෝගාතුර වී මිය ගොස් ඇතැයි යුද හමුදාව පවසයි. 21 February 2023
මැතිසබය කල්තබයි පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9:30 දක්වා කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. 21 February 2023
මැතිවරණයක් ඉල්ලා සජබෙ උද්ඝෝෂණයක් අරඹයි වහා මැතිවරණයක් පවත්වන්න යැයි කියමින් සමගි ජන බලවේගය මන්ත්‍රීවරු මැති සමයේ දී උද්ඝෝෂණයක් ඇරැඹූහ. 21 February 2023
තුර්කි සිරියා දේශසීමාවේ තවත් ප්‍රබල භූමි කම්පාවක් තුර්කි සිරියා දේශසීමාවේ තවත් නව භූමි කම්පාවක් හටගත්තේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් ලෙසය. තුර්කි බලධාරීන් පැවැසුවේ මෙම නව භූමි කම්පාවෙන් තිදෙනකු මියගිය බවත් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා සිටින බවත්ය. 21 February 2023
මුදල් කමිටු සභාපතිකම හර්ෂ ට ඉල්ලයි මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පත් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 February 2023
මුදල් කාරක සභාවට දහ දෙනෙක් රජයේ මුදල් කාරක සභාව සඳහා පත්කෙරුණු මන්ත්‍රීවරුන් දස දෙනෙකුගේ නම් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 21 February 2023
සුනඛ පැටවුන් මෝටර් රියට යට කළ කාන්තාව අල්ලයි පදියපැලැල්ල රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ සිටී මාස 2ක් වයසැති සුනඛ පැටවුන් දෙදෙනෙකු යට වන ආකාරයට මෝටර් රථය පදවා සුනඛ පැටවුන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මතුරට පොලිසිය පවසයි. 21 February 2023
මුහුණු පොතින් මිතුරු වූ හොර මිනිහාට දැරියත් දන් දීලා මුහුණු පොතෙන් හඳුනා ගත් අනියම් සැමියාට සිය හත් හැවිරිදි දියණිය අපයෝජනය කිරිම සඳහා අනුබල දුන්බව කියන මවක් සහ අනියම් සැමියා අත් අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි. 21 February 2023
කුඩා දරුවාට කසිප්පු පොවා කැත වැඩක් කරලා දහතුන් හැවිරිදි පාසල් සිසුවකුට කසිප්පු පොවා වෙරි වූ පසු බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළැයි කියන පුද්ගලයෙක් හලාවත උඩප්පුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 21 February 2023
සජබ අපෙක්ෂකයා ලංවිම සේවකයාට පාට් දමලා විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්දි කිරිමට නිවසට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට සාපරාදි බලහත්කාරය පෑමක් සිදුකල සමගි ජන බලවේගයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට නම් දුන් අපෙක්ෂකයකු අත්අඩංගුවටගත් බව හක්මන පොලිසිය පවසයි. 21 February 2023
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026