
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකව නිදොස් කොට නිදහස් කිරීමට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයේ විනිසුරුවරිය ඔහුට එරෙහිව විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කළේය.
සමීප ඇසුරක් පවත්වන අවස්ථාවේ කාන්තාව නොදැනුවත්ව ආරක්‍ෂිත ක්‍රම ඉවත් කිරීමට ධනුෂ්ක ගුණතිලකට අවස්ථාවක් නොතිබුණ බව ඉදිරිපත් වූ සාක්ෂි වලින් පෙනී ගිය බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය පවසා ඇත.එසේම පොලිසියට සාක්ෂි ලබා දීමේදී ධනුෂ්ක ගුණතිලක සත්‍ය පවසා ඇතැයි විනිසුරුතුමිය ප්‍රකාශ කර තිබේ.
ඉදිරිපත් වූ සී.සී.ටීවී දර්ශනවල පැමිණිලිකාරිය සහ ධනුෂ්ක සැහැල්ලුවෙන් සහ සතුටෙන් සිටින ආකරයක් පෙනෙන්නට තිබෙන බව විනිසුරු සාරා හගට් මහත්මිය පවසා ඇත.පැමිණිලිකාරිය බුද්ධිමත් තැනැත්තියක් බවත් බොරු සාක්ෂි ලබා දීමට සිතාමතා උත්සාහ කරන ලද තැනැත්තියක් බවට පෙනෙන්ට නොතිබූ නමුත් විත්ත්කරුට අවාසිදායක තත්ත්වයක් ඇති කිරීම සඳහා සාක්ෂි ලබා දෙන බවට පෙනෙන්නට තිබූ අවස්ථා කිහිපයක් තිබූ බව විනිසුරු සාරා හගට් මහත්මිය ප්‍රකාශ කර තිබේ.
නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමෙන් අනතුරුව ධනුෂ්ක ගුණතිලක මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ නඩු තීන්දුවෙන් සියල්ල කියවෙන බවයි.තමන් නැවත ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීමටත් තමන්ගේ කීර්තිනාමය නැවත ගොඩ නගා ගැනීමටත් නොඉවසිල්ලෙන් පසුවන බව ධනුෂ්ක ගුණතිලක එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.පසුගිය මාස 11 ක කාලය ඉතාමත් දුෂ්කර වූ බවත් තමන්ගේ නීතිඥයින්ට, කළමනාකරුට, දෙමාපියන්ට සහ අනෙක් අයට ස්තුතිවන්ත වන බවත් ධනුෂ්ක ගුණතිලක පවසා ඇත.
සැවොම තමාව විශ්වාස කළ බවත් එය තමන්ට ගොඩක් වටිනා බවත් ධනුෂ්ක ගුණතිලක ප්‍රකාශ කර තිබේ.එසේම තමාගේ කීර්ති නාමය නැවත ලබා ගත යුතු බවත් ඔහු පෙන්වා දී ඇත.තමාගේ ජීවිතය නැවත සාමාන්‍ය අතට පත්වුණ බවත් ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පිවිසීමට තමන් නොඉවසිල්ලෙන් සිටින බවත් ධනුෂ්ක ගුණතිලක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි! දැන් ඊළඟට කුමක් ද? ඔබට හැකි නම් සිඩ්නි හි රැඳී BBL සඳහා ක්‍රීඩා කරන්න.
මෙතන ඉදලවත් මනුස්සයෙක් වගේ ජිවත් වෙන්න, දෙවියන් විසින් ඕනෑම කෙනෙකුට එකම එක අවස්ථාවක් දෙනවා වැරදි හදාගන්න, ඔයාටත් ඒ අවස්ථාව දෙවියන් විසින් ලබාදීලා තියනවා ඒකෙන් ප්‍රයෝජනය අරගෙන රටට වැඩදායි පුද්ගලයකු වෙන්න.
ඉතාමත් නිවැරැදි නඩු තීන්දුවක්.
අනාගත නඩුවක් එක්ක ඇවිදිනවා වගෙයි
හොඳ පාඩමක් හැමෝටම .රටක දියුණුවේ මුල තමා නීතිය හරියට ක්‍රියාත්මක කිරීම.වැරදි නිවැරදි භාවය තීරණය වන්නේ අධිකරණයේදී.බැල්කනි පැන්න කෙනාටත් බලාගන්න තිබුනා තව දිනකින් ඉල්ලා අස් කරගත්තේ නැත්නම්
ශ්රී ලංකාවෙි ගෞරවය ඔසවා තැබූ ධනුෂ්ක, ඔබට ස්තුතියි.
ධනුෂ්ක ගු. ගෙ පලු ඇරපු අපේ මෙහේ ඉන්න ලිංගික ඇරියස්කාරයින්ට මොකද වෙන්නෙ දැන්?
ශ්‍රීලාංකික අපිට ලොකු ජයග්‍රහණයක් .දනුෂ්කව හොඳට පිළිගන්න ඕන එයා පෝට් එකේදී
ලංකාවට නම් එන්න එපා.මේක බෞද්ධ රටක් .දුරාචාරීව හැසිරිලා ලැජ්ජා නැතුව එන්න නම් එපා මේ පැත්ත පළාතේ
ආයිත් නැකතක් බලල වෙන රටක ගෑණියෙක් එක්ක තව මැච් එකක් ගභපන් වනචරයා....
මෙයා යම්කිසි ආකාරයකට හිරවීමක් කරන්න දරපු උත්සාහයක්. ලංකාවෙත් ඉන්නව මෙවැනි තැන්වලට ගියාම සේසතම හූරගෙන කන-මංකොල්ල කන. ධනුෂ්කත් එවැනි දේකට හිරවුනා කියල තමා හිතෙන්නෙ. මෙවැනි දේට යොමුවන කාටත් හොඳ පාඩමක්.
එතකොට මෙයා සියඹලා ගෙනල්ලම නෑ? රටේ නමත් කෑවා !!
කාලකන්නින් මෙයාව්ටැහැ මල් මාලා දාලා පිලිගනීවි .එහෙම රටක් ලංකාව
නඩුවෙන් නිදහස් වුනත් ,රට නියෝජනය කරන්න පිටරට ගිය අවස්ථාවේදී , නොදන්නා ගැනුන් සමග ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන්න ගිය එක බරපතල වරදක් , රටේ කිර්ති නාමයට බරපතල කැළලක් , ක්‍රිකට් පරිපාලන ලොක්කෝ හැසිරෙන විදිහ දැක්කම ඔබට විශාල ලෙස දෝෂාරෝපණය කරන්නත් බැහැ ,
ඔහොම නැවතියන්...ලංකාවට නම් යන්න එපා. රටේ නම කාලා....
ධනුෂ්ක නෙවෙයි ධනුෂ්කගේ මල්ලියා තමයි වරදකරලා තියෙන්නේ...!
මොහුට නීතියෙන් නිදහස ලැබුණේ නීතියේ සිදුරක් නිසා... නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නට ඉඩ දීමට පෙර ලංකාවේ බලධාරීන් මොහුගේ චරිතය සහ මීට පෙර කර ඇති මෙවැනි ක්‍රියා සැලකිල්ලට ගත යුතුයි. මොහු වැනි ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට අවමානයක් වගේම අනෙක් තරුණ ක්‍රීඩකයින්ට වගේම තරුණ පරපුරට දෙන්නේ ද වැරැදි ආදර්ශයක්... ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මොහු කිසිසේත් නුසුදුසුයි...
මොනවා වුණත් අවසානෙට අපේ රටේ සල්ලිනේ මේ කුපාඩියන් විනාශ කරන්නේ...!
ධනුෂ්ක නියම පිරිමියෙක්... කෙල්ල පස්සේ ගිහිල්ලා බලහත්කාරකමක් කරලා නැහැනේ... කෙල්ලනේ ඇවිත් තියෙන්නේ හොයාගෙන... හැම වෙලාවකම නැට්ට කෙළින් නොවී ඉන්න අපේ දේශපාලඥයෝ වගේ නෙවෙයිනේ...
කාලා බීලා, සුද්දියක් එක්ක යන්න මටත් ආසයි. කොහේද අපේ ඉන්න සිංහල හැත්ත මුලින්ම ඔවුන්ව මුලින්ම පන්නා ගත්තනේ... නැතිනම් අද අපි සුද්දෝ...!
ඈ... මෙයාලා එහෙනම් ඕස්ට්‍රේලියාවටත් බෝවෙලා වගෙයි... අපි හිතාගෙන උන්නේ ස්ව්ස්වල විතරයි කියලා. කමක් නැහැ, මේ තීන්දුව ප්‍රකාශ කරන්න ගත්තු කාලය අපේ අධිකරණ පද්ධතියට හොඳ පූර්වාදර්ශයක්... රටක නීතිය කාර්යක්ෂම වුණොත් අනිත් හැම ක්‍රියාවලියම කාර්යක්ෂම වෙනවා කියලා මේකෙන් පේනවා...