IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තෙවන ශ්‍රේණියේ විදුහල්පති තනතුරු වහා පුරවනු

(රන්ජන් කටුගම්පොල)

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියේ පුරප්පාඩු 4718ක් පිරවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝග කළේය.

අධිකරණය මෙසේ නියෝග කළේ දෙපාර්ශ්වය විසින් 2021 ජූනි 30 ඇතිකර ගන්නා ලද එකඟතාවයකට අනුවය.

විදුහල්පති විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් පිරිසක් විසින් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේය.

මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනක්ද සිල්වා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නිතිපති වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය ජනරාල් නිර්මලන් විග්නේශ්වරන් මහතා කියා සිටියේ රාජ්‍ය සේවා කොමිසම විදුහල්පති සේවයේ පුරප්පාඩු ඇති වී තිබෙන බව දැනුම් දී ඇති බවත් 2019 වසරේ මේ සම්බන්ධයෙන් පැවත්වූ විභාගයෙන් සමත් වූ පිරිසකගෙන් කොටසකට පත්විම් ලබාදී ඇති බවත් විභාගයෙන් සමත්වූ 4718 ක් සිටින බවත් මේ සම්බන්ධයෙන් ඇති එකගතාවය අනුව ඔවුන්ට පත්වීම් ලබාදිය හැකි බවත්ය.

දෙපාර්ශවය අතර ඇතිවු එකගතාවය අනුව අදාළ පත්වීම් පිරවීමට පියවර ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

 



අදහස් (0)

තෙවන ශ්‍රේණියේ විදුහල්පති තනතුරු වහා පුරවනු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site