කාසල්රී පෝෂණ කාලාපයට තද වැසි කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඉහල ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව ප්‍රදේශයට අද පස්වරුවේ විනාඩි 30 ක පමණ කාලයක් තද වැසි පතිත විය. 11 August 2023
යෞවන ක්‍රීඩා උළෙල යළි අරඹයි ක්‍රීඩාවේ ප්‍රවීණතාව සමඟ උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා දෙන යෝජිත ක්‍රීඩා විශ්වවිද්‍යාලය කඩිනමින් අරඹන බව තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසිය. 11 August 2023
ධීවරයෝ තිදෙනෙක් අකුණකට බිලි මිහින්තලේ සීප්පුකුලම තම්මැන්නාව වැවේ මාළු ඇල්ලීමට ගිය ධීවරයන් තිදෙනකු අකුණු සැර වැදී මියගොස් ඇතැයි මිහින්තලේ පොලිසිය කියයි. 11 August 2023
ජනතා විප්ලවයකට එකමුතුව ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් නිරයුද අරගලයෙන් ජනතා විප්ලවයකට එකමුතුව ෆීඩ්මාශල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කල විරෝදතාවයක් කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටදි අද (11)දින පැවති අතර එහිදි සරත් ෆොන්සේකා මහතා පැමින සිටි විරෝධතාකරුවන් සමග උද්ගොශණයේ යෙදුනු අයුරු . 11 August 2023
අගවිනිසුරුට එරෙහි නාගානන්දගේ පෙත්සම නිෂ්ප්‍රභ කරයි වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අධිකරණයට අපහාස කරන ලදැයි සඳහන් කරමින් නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා ගොනුකර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. 11 August 2023
පුවත්පත් කලාවේදි සෝමා ටි. පෙරේරා දිවියට සමුදෙයි ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනියක් සහ ග්රන්ථ කතුවරියක වූ සෝමා ටි. පෙරේරා මහත්මිය අද (11) අභාවප්‍රාප්ත වූවාය. 11 August 2023
බඩ ගින්න නිවුනාම ජනතාව ඡන්දපොළට යවනවා බඩගින්න නිවුණු පසු ජනතාවට ඡන්දපොළට යවමු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 11 August 2023
හාර්ට් ටු හාර්ට් සංවිධානයෙන් බිලියන 4.29ක පිළිකා ඖෂධ ශ්‍රී ලංකාවේ පවතින ඖෂධ හිඟයට ප්‍රතිචාර ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් සංවිධානය රුපියල් බිලියන 4.29 ක පමණ හදිසි පිළිකා ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබේ. 11 August 2023
ගෙදර ගිය ගුරුවරුන් බඳවා ගන්න යයි විශ්‍රාම ගිය සහ සේවය හැර ගිය ගුරුවරුන් පළාත් පාසල්වලට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 August 2023
සරුංගල් යවද්දී මළ අපද්‍රව්‍ය වලට වැටී තරුණයෙක් මරුට මිතුරන් දෙදෙනකු සමඟ සරුංගල් යැවීමට ගොස් සිටියදී අක්කර පහකින් යුත් පල්දෝරු පද්ධතියකට වැටී දියේ ගීලීමෙන් වූ අසාත්මිකතාවකින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ තරුණයකු මියගොස් ඇති බව මත්තේගොඩ පොලීසිය පවසයි. 11 August 2023
කොළඹ ආරක්ෂාව තරකරයි කොළඹ පුරහල අවට අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් හේතුවෙන් ඒ අවට විශේෂ ආරක්ෂාවක් ක්රියාක්මක කර ඇත. 11 August 2023
කෘෂි ගැටලු ලිහන්න කාර්ය සාධක බලකායක් කෘෂිකර්මයට සම්බන්ධ ගැටලු කාර්යක්ෂමව විසඳා ගැනීමට කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 11 August 2023
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සැක සහිතයි ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට ලංසු ඉදිරිපත් කිරීමට කුප්‍රකට විදේශීය සමාගමක් සම්බන්ධවීමෙන් ශ්‍රී ලංකාවේ පුරවැසි දත්තවල ආරක්ෂාව සහ ස්වෛරීභාවය නැතිවීමේ අවදානමක් මතුවී ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 August 2023
ඇරියස් වාහන බලෙන් උස්සන්න බෑ කල්බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු සහ මූල්‍ය ආයතන වලට රථ වාහන නැවත අත්පත් කර ගත හැක්කේ හිමිකරුගේ විරෝධතාවක් නොමැති නම් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 11 August 2023
විරෝධතාවට අධිකරණයෙන් තහනමක් මරදාන ඩීන්ස්පාර, ජාතික රෝහල් චතුරශ්‍රය, ටෙක්නිකල හංදිය , කොටුව දුම්රිය ස්ථානය ආදි ප්‍රදේශ රැසක අද (11) පැවැත්වීමට නියමිත විරෝධතාව මාර්ග කිහිපයකට ඇතුලු වීම තහනම් කරමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත. 11 August 2023
අධිකණයට උණ්ඩයක් ගෙනියන්න හැදූ අයෙක් අල්ලයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තුළට ත්‍රී ඕ ත්‍රී වර්ගයේ ගිනි අවි වලට යොදන ජීව උන්ඩයක් රැගෙන යාමට උත්සාහ දැරූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි. 11 August 2023
නීතී විරෝධි දුම්වැටි තොගයක් විනාශ කරයි ඩුබායි සිට බහාලුමක බහා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබූ රුපියල් මිලියන 748 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කොළඹ දුම්කොළ සමාගම් පරිශ්‍රයේ පිහිටි ’’ නීතිවිරෝධී දුම්වැටි විනාශ කිරීමේ මධ්‍යස්ථානයේ ’’ ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් විනාශ කිරීමට පියවර ගෙන තිබේ . 11 August 2023
පාසල් වල වතුර බිල සියයට නවසිය කින් වැඩි කරලා පාසල්වල වතුර බිල සියයට නව සියයකින් වැඩි කර ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 August 2023
‘කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට දුන්නැයි මෝදිගෙන් චෝදනාවක්’ ඉන්දිරා ගාන්ධි මහත්මියගේ රජය 1974 වසරේ දී ඉන්දු ශ්‍රී ලංකා සමුද්‍රීය ගිවිසුම යටතේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දුන් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විශ්වාසභංග යෝජනාව පිළිබඳව පැවති විවාදයේදී කොංග්රස් පක්ෂයට චෝදනා කළේය. 11 August 2023
වැලිකඩ බන්ධනාගාර ඉඩමට බිලියන 32ක තක්සේරුවක් වැලිකඩ බන්ධනාගාරය පවතින ඉඩම ආයෝජකයකුට දීම සඳහා රුපියල් බිලියන 32ක තක්සේරුවක් කර තිබෙන බව අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 August 2023
බලශක්ති ක්ෂේත්රය නියාමනයට නව ස්වාධීන ආයතනයක් මෙරට බලශක්ති ක්ෂේත්රය නියාමන කිරීමට නව ස්වාධීන නියාමන ආයතනයක් ලබන වසරේදී ස්ථාපනය කරන බවත් එමගින් සමස්ත බලශක්ති ක්ෂේත්රයම ආවරණය වන නියාමන ක්‍රියාවලියක් බලාපොරොත්තු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 11 August 2023
කලුතර හෙද වර්ජනය අත්හිටුවයි කළුතර දිස්ත්‍රික්කයේ රෝහල්වල හෙද කාර්යමණ්ඩලය අද (11) පෙරවරු 7 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව සිටි එක් දින වැඩ වර්ජනය අත්හිටවූ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. 11 August 2023
රට බිත්තරයට සහතික ඉල්ලයි අරක්කු බෝතලේ ස්ටිකරයත් හොරට ගහන රටේ රටින් ගෙන එන බිත්තර වල ප්‍රමිතිය ගැන ආණ්ඩුව සහතිකයක් දෙන්නේ කොහොමදැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී විමසීය. 11 August 2023
'ලංකාවේ විපක්ෂ නායක ගිනස් වාර්තාවක් තිව්වා' ආණ්ඩු බලය දෙන්න ජනාධිපතිවරයෙක් වෙනත් අයෙකුට ආරාධනා කළේ ලෝකයේ පළමු වතාවට බවත් විපක්ෂ නායකයාවරයා එය ප්‍රතික්ෂේප කිරීම ගිනස් වාර්තාවක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 11 August 2023
කොටින්ගේ රන් හොයන්න ගිහින් මාට්ටු තිස් වසරක යුද්ධය පැවති සමයේ කොටි සංවිධානය විසින් සඟවා ඇතැ යි කියන රන්,මුදල් හා අවි ආයුධ සෙවීම සදහා අති නවීන පන්නයේ ස්කෑන් යන්ත්‍රයක් රැගෙන යමින් සිටි සිව් දෙනෙකු කතකපුරම් මහවිරු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි . 11 August 2023
බදුල්ල රෝහලේ විදුලිය කපලා බදුල්ල මහ රෝහලේ පරිශ්‍ර ගණනාවක විදුලිය කපා දමා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 11 August 2023
සිසුවා බසයට බිලි කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වල්පිට ප්‍රදේශයේදී පාපැදි තරගයක් සඳහා පුහුණු වෙමින් සිටි පාසැල් සිසුවෙකු බස් රථයක හැපී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 11 August 2023
රහස් පොලිසියේ පී.සි. අයිස් සමග මාට්ටු අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියේ යැයි කියන රහස් පොලිසියේ රාජකාරි කරන කොස්තාපල්වරයකු ආදුරුප්පුවීදිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 11 August 2023
බීලා සූර්වී හමුදා රථයට පොල්ලෙන් ගහලා ආනවිලුන්දා කුලම ප්‍රදේශයේ දී යුද හමුදා කැබ් රථයකට පොල්ලකින් පහර දුන්නේ යැයි කියන තරුණයෝ තිදෙනෙක්ති අක්කරායන්කුලම් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 11 August 2023
වැස්ස ගැන අනාවැකිය නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 August 2023
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026