IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුලතිව් මහේස්ත්‍රාත් ඉල්ලා අස්වීම ගැන ජනපති අණින් පරීක්ෂණ

(අංජුල මහික වීරරත්න)

මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධ පැමිණිල්ල විභාග කරමින් සිටින මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා මරණ තර්ජන ඇති බව කියමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දී ඇත්තේ තමන්ට තර්ජනයක් ඇති බවට මහේස්ත්‍රාත්වරයා මීට පෙර කිසිදු අවස්ථාවක පොලීසියට හෝ අධිකරණ සේවා කොමිසමට දැනුම් දී නොතිබීම නිසාවෙනි. 

එම නිසා මෙම සිද්ධියේ සුල මුල ගැන වහාම සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සිද්ධිය ගැන අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් යන මහත්වරුන් සමඟ සාකච්ඡා කර ඇති අතර එහිදි හෙලිවී ඇත්තේ මහේස්ත්‍රාත්වරයා  මරණ තර්ජන ගැන මීට පෙර කිසිදු පැමිණිල්ලක්  කර නොමැති බවය.

මහේස්ත්‍රාත්වරයා ඉකුත් 24 දා විදේශගතව ඇත්තේ සැප්තැම්බර්  23 දා තම අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරමිනි.

මහේස්ත්‍රාත්වරයා  නීතිපති සම්බන්ධයෙන් කර ඇති චෝදනාව ගැන ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාගෙන් විමසා ඇති අතර එහිදී  නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ මහේස්ත්‍රාත්වරයා වග උත්තරකරුවකු කරමින් අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුවක් වෙනුවෙන් පෙනී සිටින ලෙස අධිකරණ සේවා කොමිසම හරහා කළ ඉල්ලීමක්ට අනුව සිය නිල මැදිරියේදී ඔහු සමඟ සාකච්ඡා කළ බවයි.



අදහස් (8)

මුලතිව් මහේස්ත්‍රාත් ඉල්ලා අස්වීම ගැන ජනපති අණින් පරීක්ෂණ

Indika Baddegamage Saturday, 30 September 2023 09:38 AM

මෙයත් රට ගිහින් ලංකාවට කොකා පෙන්නන්නද දන්නේ නෑ හදන්නේ...!!!

:       5       13

Nimal Saturday, 30 September 2023 10:37 AM

තවත් පරීක්ෂණ, තවත් කමිටු, නමුත් එකකින්වත් සිදුවූ සෙතක් නම් නෑ...

:       3       17

Rata Perata Saturday, 30 September 2023 12:52 PM

උසාවියට බලපෑම් කරන අයම ඒවා ගැන පරීක්ෂණ කරන්න කියන එක නම් මාර විහිළුවක්...

:       7       14

ලුම්බිණි Saturday, 30 September 2023 02:00 PM

අන්තිමට මරණ තර්ජන ඇති පුද්ගලයාම වරද කාරයා වෙන පාටක් තියෙන්නේ...!

:       5       10

kavidhu Saturday, 30 September 2023 02:35 PM

මෙහෙම ගියාම සරණාගත විසා ලබාගෙන PR ලබාගන්න පුළුවන් ඒ රටවල්වල ඉක්මණට...!

:       4       11

ravinSaturday, 30 September 2023 05:10 PM

තමන් පෙර ආත්මයක කරන ලද අකුසලයක් නිසා අවාසනාවට මේ රටේ ඉපදුණාට, ඒ ඉපදුණු රටේ සිටින පාහරයින් ඔහුට අවංක මිනිසෙක් මෙන් ජීවත්වන්නට නොදෙනවා නම් කළ හැකි දේවල් කිහිපයකි ඇත්තේ, එක්කෝ ඔවුන්වත් මරාගෙන තමනුත් දිවිනසා ගැනීමයි. එසේත් නැතිනම් "මිනිසුන්" සිටින රටකට ගොස් සරණාගත බව ලබා මිනිසෙක් මෙන් ජීවත් වී තමන්ගේ ජීවිතය බේරු ඒ රටට උපරිමයෙන් සේවය කිරීමයි.

:       7       10

Nimesh Saturday, 30 September 2023 04:45 PM

බලපෑම් කරේ වීරසේකර හාදයා, ඕක අමතුවෙන් කොමිටි දාලා හොයන්න ඕනේ නැහැ. පහුගිය වකවානුවේ පාර්ලිමේන්තු විවාද බැලුවා නම් හරි..

:       7       14

fairoos Sunday, 01 October 2023 12:28 PM

අනේ රනිල් ඔයා තොත්ත බබා. අර පොහොට්ටුවේ ඉන්න කාලකණ්ණි තමයි... මේ වැඩේ කරන්නේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site