(සුජිත් හේවාජුලිගේ )
මෙරට ආබාධිත සහිත තැනැත්තන් වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ පාර්ලිමේන්තු සංසදයක් ( parliamentary coucus for tha lnclution of persons with Disabilities- PClOD) පසුගියදා පිහිටවනු ලැබීය.
මෙම සංසදයේ සභාපතිවරයා ලෙස පත්ව ලැබ සිටින්නේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාය.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ යන මහත්වරු සංසදයේ ලේකම්වරුන් ලෙස පත්කරනු ලැබූහ.
පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතා සංසදයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.
ඩලස් අලහප්පෙරුම මහතා එම කමිටු සභාපති ධූරයට යෝජනා කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සහ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් විසිනි.
මෙම සංසදයේ පළමු රැස්වීමේදී ආබාධ සහිත ප්‍රජාවේ අනාගතය වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු ක්ෂේත්‍ර කීපයක් හඳුනාගෙන ඇත. සංසදයේ මීළඟ රැස්වීම ලබන මස 4 වැනිදා බදාදා පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආබාධිතයන් සඳහා වෙනම පාර්ලිමේන්තු සංසදයක්