කැන්ඩි පිල ලකුණු 8 කින් ජැෆ්නා පරදවයි ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති දිනයේ පළමු තරගයේදී බී - ලව් කැන්ඩි ක්‍රීඩකයෝ ලකුණු 8 කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ. 12 August 2023
පී.සී සහ නාවික සෙබළා බසයකදී 16 දැරියට ලිංගික වද දීලා පෞද්ගලික බස් රථයක ගමන් ගත් 16 හැවිරිදි දැරියකට ලිංගික හිරිහැර සිදු කළේ යැයි කියමින් පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු සහ හිටපු නාවික හමුදා සෙබළකු සැක පිට අත්අඩංගුවට ගත් බව ජා-ඇළ පොලිසිය පවසයි. 12 August 2023
පිටකොටුවේ පිටි තොග අවසන් අදියරේ තමන් සතුව ආනයන තිරිඟු පිටි තිබෙන්නේ දින කීපයකට බව පිටකොටුව පිටි ආනයනයකරුවෝ පවසති. 12 August 2023
එන්නතක් දීමෙන් පසු දියවැඩියා රෝගියා මරුට? දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි 73 හැවිරිදි රෝගියකු අද සවස ගම්පහ රෝහලේ දී මියගොස් ඇතැයි වාර්තා වේ. 12 August 2023
රජයේ දවසක ණය බර කෝටි 343 ට නගී රජයට සිය සේවා පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 543 ක් ණය ගැනීමට සිදුව ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය. 12 August 2023
පොහොට්ටුවේ කට්ටිය ක්‍රිකට් සැනකෙළියක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිකට් තරගාවලිය අද (12) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ . 12 August 2023
නිර්වින්දන වෙදා පැදුරටත් නොකියා රට පැනලා හම්බන්තොට මහ රෝහලේ සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා හොර රහසේම විදෙස් ගත වි ඇතැයි හම්බන්තොට මහ රෝහලෙ වෛද්‍යවරු කියති. 12 August 2023
මහා සංඝරත්නය නැගෙනහිර ආණ්ඩුකාරවරයට එරෙහිව පාරට බසිති ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ ඉලුප්පුකුලම්හි පිහිටි බොරලු කන්ද රජමහ විහාරයේ සංවර්ධනය මන්ත්‍රි ආර්.සම්බන්ධන්ගේ ඉල්ලීම මත ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා නියෝගයෙන් නැවැත්වීමට එරෙහිව මහා සංඝරත්නය අද විරෝධතාවක නිරත වූහ. 12 August 2023
මීගමුවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට මීගමුව දුංගාල්පිටිය ලෙල්ල ම ප්‍රදේශයේ දී අද (12)පෙරවරුවේ සිදු කළ වෙඩි තැබීමකින් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 12 August 2023
ආතතිය කට්ටිය වැඩි වෙලා ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ඇතිවූ මානසික ගැටළු (ආතතීන්ට) වලට ප්‍රතිකාර ගැනීම සඳහා මානසික වෛද්‍යවරුන් හමුවට පැමිණෙන රෝගීන් ප්‍රමාණය දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ලංකාදීපයට පැවැසීය. 12 August 2023
පුහුණු ගුවන් යානා පහක් කොටඋඩ ගුවන් හමුදාවට රුපියල් කෝටි 95 කට කට ආසන්න මුදලකින් මිලදීගත් ප්‍රාථමික පුහුණු ගුවන් යානා හයකින් පහක් ඒවායේ එන්ජින් අලුත්වැඩියාව හේතුවෙන් වසර දෙකකට අධික කාලයක් තිස්සේ පුහුණු කටයුතු සඳහා භාවිත නොකිරීමෙන් එම යානා වෙනුවෙන් දැරූ වියදම ප්රතිඵලදායකවී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 12 August 2023
කොළොම් කුමාරිය හැඩ වැඩ කරයි කොළඹ නගරය අලංකාර පිරිසිදු නගරයක් කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අධික්ෂණය යටතේ යළි ආරම්භ වී ඇත. 12 August 2023
රටේ මුදල් ගැන හරිම තොරතුරු දෙන්න ’’ඉට්මිස්’’ එයි මුදල් අමාත්‍යාංශ ප්රමුඛ ගිණුම් කටයුතු පරීක්ෂා කරන ආයතනවලට ඕනෑම තැනක සිට රටේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය ගැන තොරතුරු ලබාගත හැකි ඉට්මිස් (ITMIS) නම් මෘදුකාංග ව්‍යාපෘතිය සක්‍රීය කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ. 12 August 2023
කෙහෙළියගේ විශ්වාසභංගයට දින නියම වෙයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයේ විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන මස පළමු පාර්ලිමේන්තු සතියේ දින තුනක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ඊයේ (11) තීරණය කෙරිණ. 12 August 2023
අදත් පළාත් කීපයකට වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 August 2023
ප්‍රධාන ජලාශවල ජලය සීඝ්රයෙන් පහළට ප්‍රධාන ජලාශ 73 න් 66 ක භාවිත කළ හැකි ජල ධාරිතාව සියයට 50 කට වඩා අඩු මට්මක පවතින බවත් වර්ෂාව නොලැබුණ හොත් ගැටලුකාරී තත්වයක් ඇති වියහැකි බවත් වාරිමාර්ග අධ්යක්ෂ (ජල කළමණාකරන) ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය පැවසුවාය. 12 August 2023
උතුරේ කුඩා වැවි සියල්ල සිඳෙයි උතුරු පළාතට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් උතුරේ පිහිටි කුඩා වැව් 2066 ම සම්පූරණයෙන්ම සිඳී යාමේ දැඩි අවධානමක් පවතින බවට උතුරේ වාරිමාර්ග නිලධාරීහු පෙන්වා දෙති. 12 August 2023
තරුණයෙක් අභිරහස් ලෙස මිය ගිහින් බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ විසි එක්වන සැතපුම් කණුව හැවන්දාන, කිරිවැල්කැටිය මංසන්දිය ආසන්නයේ තිබී සැක කටයුතු අන්දමින් මිය ගිය තරුණයින්ගේ මළ සිරුරක් අද (12) අළුයම සොයාගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. 12 August 2023
තබ්බෝවට ගිනි තියලා තබ්බෝව අභය භුමියෙ ඇතිවු ගින්නකින් අක්කර 300 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව පුත්තලම දිස්ත්‍රීක් වන ජීවි සහකාර අධ්යක්ෂ එරන්ද ගමගෙ මහතා පවසයි. 12 August 2023
නාවික හමුදා රෝහලට වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ අධ්යක්ෂ, රජවැල්ලේ සුභූති හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන සමාජ මෙහෙවර ව්‍යාපෘතිය වෙත එංගලන්තයේ සිල්වියා ලංකා පදනම සහ එන්එච්එස් ට්‍රස්ට් ආයතනය එක්ව පරිත්‍යාග කළ රෝහල් උපකරණ තොගයක් වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා මහ රෝහලට ප්රදානය කළේය. 12 August 2023
සමනළ වැවේ වතුර අපතේ යැවූ අය සොයයි එල්නිනෝ තත්ත්වයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබියදී සමනල වැව ජලාශයේ ජලය ගොවිතැන් කටයුතුවලට යැයි කියමින් මීට මාසයකට පෙර අවිධිමත් අයුරින් මුදා හැරීම ගැන සොයා බලා වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය. 12 August 2023
දඹුල්ල අවුරා පෙරමුණට එයි ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (11) රාත්‍රී පැවැති තරගයේදී දඹුල්ල අවුරා පිල කඩුලු 7 කින් ගෝල් ටයිටන්ස් පිල පරාජය කිරීමට සමත් විය. 12 August 2023
ගින්නකින් ලී මඩුව විනාශයි වස්කඩුවේ ලී මෝලක හටගත් ගින්නකින් එහි ලී බඩු විනාශ වී ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි . 12 August 2023
තරුණියන්ට හිරිහැර කළැයි මැතිසබේ සහකාර ගෘහ පාලකගේ වැඩ තහනම් පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් තරුණ රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සිදුකරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් එහි සහකාර ගෘහ පාලකවරයාගේ වැඩ අද (11) තහනම් කරනු ලැබීය. 12 August 2023
අවුරුදු 09 දැරියගේ සිරුර බාල්කයේ එල්ලෙයි හලාවත ,බටහිර ඉරණවිල සමිඳුගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අවුරුදු නමයක් වයස සිසුවියකගේ සිරුර නිවසේ ලණුවකින් එල්ලෙමින් තිබියදී අද සවස සොයාගත් බව හලාවත මූලස්ථාන පොලීසිය කියයි. 11 August 2023
විදුහල්පතිගේ අවවාදය නොරිස්සූ අඹුසැමි යුවළ යකා නටලා කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ විදුහල්පතිවරයකුට සහ ගුරුවරියන් දෙදෙනකු පාසල් භූමියේදී අඹුසැමි යුවළක් අද උදෑසන පහර දි ඇතැයි පොලිසිය පවසයි. 11 August 2023
ආරක්ෂක ලේකම් ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් හමුවෙයි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා උපරිම සහයෝගය දෙන බව අද (11) පැවසීය. 11 August 2023
මාරාන්තික අවි රැගෙන ගිය අයෙක් මාට්ටු වායු පිස්තෝලයක්, කලාකිරිඤ්ඤයක් සහ උල් පිහියක් රැගෙන යතුරුපැදියකින් ගාලු පාරේ ගමන් කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි. 11 August 2023
දොරාදත්ත වැවේ මසුන් ඇල්ලූ පිරිසකට උණ:දෙකක් මරුට කුරුණෑගලට බලපා ඇති අධික වියලි කාලගුණය හේතුවෙන් දිය සිඳී ගිය ගනේවත්ත හිරිපිටිය කිරිඳිවැල්ගාල දොරාදත්ත වැවේ මසුන් ඇල්ලීමට ගිය ප්‍රදේශයේ තරුණයන් පිරිසක් හදිසි උණ රෝගයකට ගොදුරුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඉන් තරුණයන් දෙදෙනකු මරණයට පත්ව සිටින බව කුරුණෑගල ශික්ෂණ රෝහල පවසයි. 11 August 2023
රටවිරුවන් ඩොලර් මිලියන 541ක් එවලා ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් පසුගිය ජුලි මාසයේ ඩොලර් මිලියන 541 ක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 11 August 2023
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026