IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දුප්පතුන් ලක්ෂ 3ක් ගොඩ ගන්න බැරිවෙලා

(සුජිත් හේවාජුලිගේ)

සමෘද්ධිලාභීන් ලක්ෂ 3 කට වැඩි පිරිසක්  වසර විසි අටක් තිස්සේ (1995-2023) සමෘද්ධි ආධාර දිගටම ලබන   නමුත් ස්වශක්තියෙන් නැගී සිටීම සඳහා  ඔවුන්  කිසිම ආකාරයකින් හෝ සවිබල ගන්වා නැතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අනුව සමෘද්ධි ව්‍යාපාරය අපේක්ෂා කළ අරමුණු සහ කාර්යභාරය ඉටුවී නොමැති බවට  විගණන නිලධාරිහු චෝදනා කරති.

සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීමේ විවිධ  වැඩසටහන් සඳහා  2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රුපියල් කෝටි 126 ක් වැය කර ඇතැයි පවසන විගණන කාර්යාලය සවිබලගැන්වීම් පිළිබඳව නිශ්චිත ඉලක්කයක් හඳුනා ගැනීමකින් තොරව එම මුදල් වැය කර ඇති බවද සඳහන් කරයි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව 2020, 2021 සහ 2022 වර්ෂවලදී පිළිවෙලින් සමෘද්ධිලාභීන් 1958ක්, 18629ක් සහ 21189ක් වශයෙන් හඳුනාගෙන තිබූ බවත් වාර්ෂිකව සවිබල ගැන්වූ ප්‍රතිලාභීන් පිළිබඳ නිශ්චිත ඉලක්ක ඇතුළත් සැලැස්මකට අනුකූලව කටයුතු කර නොතිබූ බවත් එම වාර්තාවේ දැක්වේ.

සමෘද්ධිලාභීන් සවි බල ගැන්වීම සඳහා රජය වාර්ෂිකව  ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට  සාපේක්ෂව දෙපාර්තමේන්තුවේ  සවිබලගැන්වීම අවම මට්ටමක පැවතුණු  බව  එම වාර්තාව සඳහන් කරයි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34ක ආදායම් උත්පාදන ව්‍යාපෘතිවල නියැලී සිටින  ප්‍රතිලාභීන් 1112 දෙනකුගේ සමෘද්ධි සහනාධාර ඉවත් කිරීමට කටයුතු කළ යුතු වුවත්   ග්‍රාමීය කමිටු ඒ සඳහා නිර්දේශ ලබාදී නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
 



අදහස් (3)

දුප්පතුන් ලක්ෂ 3ක් ගොඩ ගන්න බැරිවෙලා

සිල්වා Saturday, 30 September 2023 05:04 PM

ගොඩගැනිල්ල කෙසේවෙතත් සමුර්ධිය "දෙනවා කපනවා" යයි කියලා දේශපාලකයින් කීදෙනෙක් ගොඩගිහින් තිබෙනවා දැයි ගණනය කෙරුවේ නැතිද?

:       0       9

Bamunuarachchi Saturday, 30 September 2023 05:47 PM

අශ්වයාව එක්කෙනෙකුට වතුර ළඟට අරන් යන්න පුළුවන් නමුත් දහ දෙනෙකුටවත් ඌට වතුර පොවන්න බැහැ. තමන්ට නැගිටින්න දියුණු වෙන්න උවමනාවක් නැතිනම් සමෘද්ධිය නොවෙයි ලොටෝ ඇදුණත් ඔය මිනිස්සු ඔහොම්මයි.

:       0       11

කිරිපුතා Saturday, 30 September 2023 06:34 PM

ඡන්ද බලාගෙන අතපය හතර හොඳට තියෙන මිනිසුන්ට නිකම් කන්න දුන්නා කියලා කවදාවත් දුප්පත් ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. ඒ මුදල් හොරකම් නොකර සංවර්ධන ව්‍යාපාර කරලා ඔය නිරෝගී දුප්පත් අයට රැකියා අවස්ථා ලබාදිය යුතුයි. එයාලා උත්සාහයෙන් නැගිටියි.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site