
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට මාසයකට ආසන්න කාලයක් තිස්සේ ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාවෙන් මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නඟිමින් පවති.
මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට පැමිණිමට අද(01) දා පෙරවරුව වන විට තවත් අඩි 10 ක් පමණ ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසුහ.
මාවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 93800 ක් හා විශාලත්වය අක්කර 1790 ක් පමණ වේ. පවතින අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන් මස්කෙළිය ඔයේ හා සීතගඟුග ඔයේ ජල මට්ටමද ඉහළ ගොස් තිබේ.
ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන හා පොල්පිටිය යන ජලවිදුලි බලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ ජලාශයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd