IMG-LOGO

8 වැනි මහද්වීපය සිතියම්ගත කෙරේ

පෘථිවියේ අටවැනි මහද්වීපය 'සීලන්ඩියා' Zealandia බවත්, නවසීලන්තය මෙම මහද්වීපයට අයත් කොටසක් බවත්, භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

'සීලන්ඩියා' Zealandia නමින් අටවැනි මහද්වීපයක් ඇති බව භූ විද්‍යාඥයන් ලොවට පෙන්වා දුන්නේ මීට වසර කීපයකට පෙරය.

නමුත් දැන් පැසිෆික් සාගරයේ, අඩි 3,500 ක් ගැඹුරේ ගීල ඇති මෙම මහද්වීපය සම්පූර්ණයෙන් සිතියම්ගත කිරීමට භූ විද්‍යාඥයන් සමත් වී සිටී.

මෙම මහද්වීපයට අයත් භූමියෙන් අද මුහුදින් මතුපිට ඇත්තේ නවසීලන්ත දූපත් රාජ්‍යය පමණි. 8 වැනි මහාද්වීපයෙන් සියයට 94ක් මුහුදට යටවී ඇති අතර, ඉතිරි සියයට 6 ලෙස භූ විද්‍යාඥයන් සලකන්නේ නවසීලන්තයයි.

ස්වභාවික ව්‍යසනයක් හේතුවෙන් මෙම මහද්වීපය මුහුදේ ගිලෙන්න ඇත්තේ වසර 375 කට පෙර බව භූ විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.

මෙම 8 වැනි මහාද්වීපයේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 5ක් පමණ වන බවත් වාර්තා වෙයි. ඒ අනුව ‘සීලන්ඩියා’ මහද්වීපය මැඩගස්කරයට වඩා 6 ගුණයක් පමණ විශාල වන බවද සඳහන්ය.

(ටයිම්ස් ඔෆ් ඉන්දියා)



අදහස් (6)

8 වැනි මහද්වීපය සිතියම්ගත කෙරේ

Nanda Saturday, 30 September 2023 08:08 AM

වසර 375 කට ... !

:       4       6

Nalaka Ilapperuma Saturday, 30 September 2023 11:43 AM

ඔය මහාද්වීපය ගිලා බැස්සේ වසර 375කට කලින් නම් ඔය හරියේ මුහුද වැඩිය ගැඹුරු නැතුව ඇති. මොකද මහද්වීප ගිලා බහින්නේ ඉතා හෙමින් නිසා. වතුරට වැටුණු ගලක් යට යනවා වගේ මහද්වීප ගිලා බහින්නේ නැහැ...

:       4       25

Sandun Weerakoon Saturday, 30 September 2023 11:08 PM

විශිෂ්ඨයි...!

:       2       0

Sajeewa Sunday, 01 October 2023 09:20 AM

වසර මිලියන 23ට පෙර විය යුතුයි.

:       1       2

Perera Sunday, 01 October 2023 11:27 AM

වසර 375 ක්? පිස්සුද?

:       2       5

රංජිත් Sunday, 01 October 2023 07:33 PM

එහෙනම් ඕස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයෝ එනකොටත් ඔය මහද්වීපෙ තියෙන්න ඇතිනේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site