(විමුක්ති එස් රුද්‍රිගු)
මැලේසියාවේ සෙන්තුල් හි ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික යුවළ ඔක්තෝබර් 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි එරට මාධ්‍ය කියයි.
මෙම යුවළ සිරුරු සොයාගත් නිවසේ අයිතිකරුවන් නොවන බවත් ඔවුන්ද එම නිවස කුලියට ගෙන සිට ඇති බවත් ක්වාලාලාම්පුර් පොලිසිය පවසා තිබේ.
සිරුරු සොයාගත් අවස්ථාවේදී විමර්ශන කටයුතු සාර්ථකව සිදු කිරීමට මෙම යුවළ දවස් 7 ක් සඳහා රක්ෂිත බන්ධනාගාර කළ අතර ඒ අනුව අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවත් දවස් 7 ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.
මෙම ඝාතනයන්ට සම්බන්ධ යැයි සැක කෙරෙන තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු සොයා විමර්ශන ආරම්භ කළ ක්වාලාලාම්පුර් පොලිසිය එම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා හුලූ ලන්ගට් ප්‍රදේශයේ වනාන්තරයක සැඟව සිටියදී සොයා ගෙන ඇත.
මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනා අවුරුදු 20 ත් 40 ත් අතර පසුවන්නන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම මරණ දඬුවම ලැබෙනවා. ඉතා කෙටි කාලයකින් තීන්දුව ලැබෙනවා.
රටේ තිබෙන සමාජ-ආර්ථික ගැටලු හමුවේ රටේ බොහෝ දෙනෙක් විවිධ රටවලට යනවා, මේ අතර මැලේසියාව පහසුවෙන් යන්න පුලුවන් රටක්. අපේ ලංකාවේ බොහෝ දෙනෙක් මේ ඇවිත් ජීවත් වෙනවා. රටේ නූගත් කිහිප දෙනෙකු කරන වැඩ නිසා අනිත් අයටත් ගැටලුවක්! මේ මිනිස්සු කරපු වැඩේ නිසා මේ වනවිට ලංකාවේ අය ගැන සැකයක් මැලේසියානු බලධාරීන්ට ඇති වෙලා තියෙනවා! ලංකාවේ අය මේහේ ඇවිල්ලා බොහෝ නිති විරෝධි සහ රටේ සංස්කෘතියට නුසුදුසු දේවල් කරනවා.. මේ අතර මත්පැන් පාටි, ගංජා පාවිච්චිය, රංඩු සරුවල්, වගේ දේවල් නිසා ලංකාවේ අය නිතරම වගේ පොලිසියෙන් අත් අඩංගුවට ගන්නවා, මේ සිද්ධි බොහෝ විට ලංකාවේ මාධ්‍යයට වාර්තා වන්නේ නැ! ඉල්ලා සිටින්නේ, කරුණාකර මේ රටට ඇවිත් මනුෂ්‍යයෝ වගේ ජීවත් වෙන්න උත්සාහ ගන්න කියලයි! ලංකාවේ නම කෙලෙසුනොත් දැනට ඉන්න අයට සහ එන්න සිටින අයට විවිධ ගැටලු ඇතිවෙන්න පුලුවන්! ලංකාදීපය ඇතුලු සියලුම දෙනාට ස්තුතියි..!